සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(15) ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය ඔවුන්ගේ යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹුණු බවට නිවේදනය කිරීමත් සමඟ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට ගත් පියවරයන්ට ප්‍රතිචාර වශයෙන් එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීමට සූදානම් නිවේදනය කර තිබේ.
මෙම විශාලතම යුරෝපිය රටවල් E4 රටවල් වශයෙන් හඳුන්වා අතර එළඹෙන සිකුරාදා(19) අත්සන් කිරීමට නියමිත එක්සත් ජනපද- ඉරාන මෙම ගිවිසුමෙන් අනතුරුව සම්බාධක ඉවත් කිරීමට නිල වශයෙන් කටයුතු කරනු ඇත.
රටවල් හතරේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ පියවරයන්ට ප්‍රතිචාර වශයෙන් ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට තම රටවල් සූදානම් බවත්, ඉරානය කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් අත්පත් කර නොගත යුතු බවත්, මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සහ IAEA සමඟ වැඩ කිරීමට අප රටවල් සුදානම් බවත්ය.
ඉරානය එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ අවසන් කෙටුම්පතට අනුව, ඉරානය වහාම හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ යාත්‍රා සඳහා නැවත විවෘත කරන අතර, එක්සත් ජනපදය ඉරාන වරායන් සඳහා වූ නාවික අවහිරය ඉවත් කිරීම හා අවසාන ගිවිසුමකට එළඹෙන තුරු ඉරානයට නව සම්බාධක පැනවීම නොකිරීම, ඉරානයට පනවා ඇති සියලුම ඇමරිකා එක්සත් ජනපද සහ එක්සත් ජාතීන්ගේ සම්බාධක හා තෙල් සම්බාධක ඉවත් කිරීම, සෘජු මුදල් හුවමාරුව, කලාපීය රටවල් අතර සහයෝගීතාවය සහ මූල්‍ය ණය මාර්ග ඇතුළුව ඉරානයේ තහනම් කරන ලද විදේශ වත්කම්වලින් ඩොලර් බිලියන 25 ක් නිදහස් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟ වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ක තිබෙන්නේ,

