යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන ලිඛිත අදහස් භාරගැනීම ජූලි මස 8 වැනිදා දක්වා!

0
305

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

2024 වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

අද (18 ) දින එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ , යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවයි.

එමෙන්ම වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙනු ඇති අතර , මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත. 

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ පහත සඳහන් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

2024 වර්ෂයේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම”

සභාපති,

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

6 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන,

අංක 28, සාන්ත මයිකල් පාර,

කොළඹ 03

වැඩිදුර තොරතුරු සඳහා දුරකතන අංක 0112392607/8