හිටපු ඇමති කුමාර ජයකොඩිගේ දූෂණ නඩු විභාගය ඇරඹේ

සටහන – රුවන් නෙළුගොල්ල

2015 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුකිරීමට අදාළව හිටපු බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය ඊයේ (17) ආරම්භ විය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ ය.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර ඔහු එම චෝදනාවන්ට අදාළව තමා නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ කෙරිණි.

2015 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී, හුණුපිටියේ පිහිටි පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම තුළින් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත. අල්ලස් කොමිසම විසින් මෙසේ කුමාර ජයකොඩි හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත්තේ අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දුෂණය’ නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාළව 2016 වසරේදී ලංකා පොහොර සමාගම විසින් කරන ලද විනය පරීක්ෂණයකදී කුමාර ජයකොඩි වැරදිකරු වශයෙන් තීරණය කර ඔහුව තනතුරින් පහත හෙළා තිබූ අතර පසුව ඔහු එම සමාගමේ සේවයෙන් ඉවත්ව තිබිණි.

ඔහු වත්මන් රජයේ බලශක්ති අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හරහා විමර්ශනයක් ද සිදුකෙරෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...