සෑම බෝගයක්ම ආවරණය වන පරිදි රක්ෂණාවරණයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සෑම බෝගයක්ම ආවරණය වන පරිදි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදී තිබේ. එමඟින් එම වගාවන්වලට ස්වභාවිකව සිදුවන ආපදාවන් ආවරණය කිරීමට වැඩලපිළිවෙලක් සකසා ඇත.

විශේෂයෙන්ම කුරුඳු, රබර්, කෙසෙල්, තේ හා පොල් යන වගා ක්ෂේත්‍ර ප්‍රමුඛ ලෙස සලකා ඇති අතර බිත්තර වී ගොවිපොළවල් ඉලක්ක කර ගනිමින් ද රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇත.

මෙම සියළුම වගා රක්ෂණ යෝජනා ක්‍රම සඳහා සහනදායී වාරික මුදලක් යටතේ දායකත්වය ලබා ගැනීමට හැකියාව පවතින බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.

අනපේක්ෂිත හදිසි, ස්වාභාවික ආපදාවලදී තම වගාවන්වලට වන හානිය මෙමඟින් ආවරණය කරගැනීමේ හැකියාවක් දේශීය ගොවීන්ට සලසා දී ඇත.

දේශගුණික හා කාලගුණික විපර්‌යාසයන් හේතු කොටගෙන නිරන්තරයෙන් ඇතිවන නියං තත්ත්වයන් හා අධික වර්ෂාව හේතුවෙන් වගාවන් නිරන්තර අවදානමට ලක් වන අතර විශේෂයෙන් වර්තමානයේ ඇතිවන ‘එල්නිනෝ’ ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ කෘෂිකර්‌මාන්තයට දැඩි අවදානමක් ඇතිවිය හැකි බව පරිසර විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

ඒ ආණූආ අදාළ රක්ෂණාවරණය පිළිබඳ වැඩි විස්තර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දිවයින පුරා පිහිටුවා ඇති දිස්ත්‍රික් කාර්‌යාල 30න් ලබා ගැනීමට හැකියාව පවතින අතර 1918 ඇමතුම් අංකය මඟින්ද අවශ්‍ය විස්තර ලබාගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!