රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :
වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්රේණිගත කිරීම්වල ප්රමුඛයා වන තාවි සමරවීර ක්රීඩකයා යුරෝපයේ පැවති ජාත්යන්තර තරඟාවලි ජයග්රහණය කර අද (18) උදෑසන මෙරටට පැමිණියේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ ඉගෙනුම ලබන මෙම දක්ෂ ක්රීඩකයා කොසෝවෝ සහ නෝර්වේ යන රටවල පැවති තරඟවලදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනිමින් ශ්රී ලංකා මේස පන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
ඔහු වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්රේණිගත කිරීම්වල ප්රථම ස්ථානය හොබවන අතරම දකුණු ආසියානු කලාපයේ ද අංශ කිහිපයකින් පෙරමුණ ගෙන සිටියි.
වැඩිමහල් ක්රීඩකයන් සමඟ ද තරඟ කරමින් ඔහු ප්රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් ජාත්යන්තර මට්ටමේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.
මෙම ජයග්රහණ මාලාව මෙරට ක්රීඩා ක්ෂේත්රයට අත්කර දුන් මහත් ගෞරවයක් ලෙස සැළකිය හැකිය.


