තමන්ට එරෙහි විමර්ශනයට සලේට සහය නොදී සිටීමේ අයිතියක් තිබෙනවා – ගම්මන්පිල කියයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට සිය නිර්දෝෂිභාවය සනාථ කළ හැක්කේ සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ තිබෙන සාක්ෂි වලින් නම් ඒවා සුරක්ෂිත කරගැනීම ඔහුගේ ජීවිතය රැකගැනීම හා සමාන අයිතියක් බව හිටපු අමාත්‍යවරයෙක් වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

”සලේ මැතිතුමාට තමන්ගේ නිර්දෝෂී භාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන සාක්ෂි තිබෙන්නේ ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ සුරක්ෂිත කරලා අරන් තියලා තියෙනවා වෙන්න පුළුවන්. ඔය ඒ සාක්ෂි රැකගන්නවාය කියන්නේ ඔහුගේ ජීවිතය රැකගන්නවා කියන එකයි. ඔහුව මහ මොලකරු කිරීමට ආණ්ඩුව දරන කුමන්ත්‍රණය පරාජය කළ හැක්කේ මේක තුළ තිබෙන සාක්ෂි වලින් විතරක් නම්, ඒවා සුරක්ෂිත කරගැනීම ඔහුගේ ජීවිතය රැකගැනීම හා සමාන අයිතියක්.”

ඔහු මේ බව සඳහන් කළේ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම පවතින නීතිමය මූලධර්මයට අනුව කිසිම සැකකරුවෙක් තමන්ට එරෙහිව කරන විමර්ශනයකට සහය දීමට බැඳි නොමැති අතර එය සමස්ත ලෝකය පුරාම පිළිගත්ත නීතිමය මූලධර්මයක් බවද ඔහු සඳහන් කරයි.

”යම් සැකකරුවෙකු තමන්ට එරෙහිව පවතින විමර්ශනයට සහය දෙන්නේ නැත්නම්, ඔහුගේ සහය බලහත්කාරයෙන්, බලපෑම් කිරීමෙන් ලබාගන්න බැහැයි කියන එකත් ඉතා පැහැදිලිව ලෝකය පුරාම පිළිගත් නීතිමය මූලධර්මයක්. මෙන්න මේ කාරණා දෙකම අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වෙනවා. මොකක්ද කාරණය? එකක්, යම් විමර්ශනයක සැකකරුවෙකු තමන්ට එරෙහිව පවතින විමර්ශනයට සහය නොදී සිටීමට අයිතියක් ඇත. යම් සැකකරුවෙක් ඒ විමර්ශනයට සහය නොදී සිටිනවා නම්, ඔහුට සහය දෙන මෙන් බල කරන්න, බලපෑම් කරන්න කිසිවෙකුට අයිතියක් නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වෙන, ඒ වගේම ලෝකය පුරාම පිළිගත්ත විශ්වීය නීතිමය මූලධර්මයක් ඒක.

එතකොට මේ රහස් පොලීසියේ නිලධාරීනුත්, ඒ වගේම ආණ්ඩුවේත්, විපක්ෂයේ සමහර දේශපාලකයෙකුත් සලේ මහතා විසින් මේ මුරපදය පොලීසියට ලබාදිය යුතු යැයි බලපෑම් කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. එහෙම තමන්ට එරෙහිව කරන විමර්ශනයකට සහය දෙන්නැයි කියලා බලපෑම් කරන්න මේ සලේ මැතිතුමාට විතරක් නෙවෙයි, ඕනෑම දරුණු ගණයේ අපරාධකරුවෙකුටවත් එවැනි බලපෑම් කරන්න කාටවත්ම අයිතියක් නැහැ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...