ලෝක බැංකු නියෝජිත පිරිසක් වරාය සහ සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අතර සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

ලෝක බැංකු සමූහයේ දේශිය කළමණාකාර ගෙවෝගර් සාගර්සයාන් මහතා (Mr. Gevorg Sargsyan) ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම අද උදෑසන අමාත්‍යවරයා හමු වූයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදීය. අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඊට සහභාගී වූහ.

ගෙවෝගර් මහතා ලෝක බැංකු සමූහයේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන විශේෂඥයෙකි. ආර්ථික සංවර්ධනය, ධාරිතා අවම කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණය ආදී ‍ක්ෂේත්‍ර වල වසර ගණනාවක ජාත්‍යන්තර අත්දැකීම් ඔහු සතුයි.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සම්බන්ධයෙන් නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලික අංශ සහභාගීත්වය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූහ.

සාකච්ඡාවට එක් වෙමින් ගෙවෝගර් මහතා කොළඹ වරායේ සංවර්ධනය ගැන රජයේ දිශානතිය විමසා සිටියේය. කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය ගැන ලෝක බැංකු සමූහය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විට ලෝක බැංකු සමූහය විසින් ඉදිරිපත් කර ඇති අරමුදල් යෝජනාව සහ මූල්‍ය ආකෘති රජය විසින් තවදුරටත් සලකා බලමින් සිටින බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාර සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවය ද  අමාත්‍යවරයා පෙන්වා දුණි.

නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමු වී ඇති අතර, ඒ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බව ද  ප්‍රකාශ කෙරුණි. එවැනි වෙනසක් සිදු කරන විට ආයතන වෘත්තීය සමිති පාර්ශවයන්ගේ ද  එකඟත්වයෙන් සාම්ප්‍රදායික රාජ්‍ය ව්‍යවසායකයට වඩා වැඩි ස්වාධීනත්වයක් සහ වාණිජ නම්‍යශීලිත්වයක් ඇති ආකෘතියක් අවශ්‍ය බව ද ප්‍රකාශ කළේය.

ලෝක බැංකු නියෝජිතයින් වෙනත් රටවලදී විශේෂයෙන් වෘත්තීය සමිති සමඟ කටයුතු කළ ආකාරය, සේවකයන් සඳහා ඉදිරිපත් කළ යෝජනා පෞද්ගලික අංශ සහභාගිත්වය තුළ ආදායම් හා සේවක සුභසාධනය වැඩි දියුණු කළ ආකාරය පිළිබඳව අත්දැකීම් බෙදාගැනීමට එකඟතාවය පළ කළහ.

මැදපෙරදිග යුද්ධය නිසා ගෝලිය අවධානය කොළඹ වරාය වෙත යොමු වී ඇති බවත්, ඒ ගැන ඉතා සැළකිළිමත් වී කටයුතු කරන ලෙස නියෝජිත පිරිස ඉල්ලා සිටියහ.

මෙහිදී ඔවුන් බංගලාදේශයේ වරාය සංවර්ධන අත්දැකීම් ගැන උදාහරණ ගෙන එමින් චිතගොං වරාය අධිකාරිය ලැබූ සාර්ථකත්වය ද අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට පැහැදිළි කළහ. එම සාර්ථකත්වයට චිතගොං වරාය අධිකාරිය, සිංගප්පූරු, ඩුබායි, ජෙඩා වැනි වරාය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ද ලබා ගත් ආකාරය සුවිශේෂී බව සඳහන් කළහ.

සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ ගුවන්සේවා ක්ෂේත්‍රය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීම් පිළබඳ අවධානය යොමු විය. මෙම කරුණු සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව සඳහන් විය.

මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යාම හේතු කොටගෙන ගුවන්සේවා කර්මාන්තයේ වර්තමාන තත්ත්වය අමාත්‍යවරයා පැහැදිළි කළේය.

මෙම සාකච්ඡාවේදී කොළඹ වරාය ECT පර්යන්තය, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය ඉදිරි කාලය තුළදී වැදගත් ප්‍රතිපත්තිමය සහ ආයතනික තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බව සඳහන් කළ විෂයභාර අමාත්‍යවරයා, එම තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, ශක්තිමත් රාජ්‍ය පෞද්ගලික අංශ සහභාගිත්වය සහ විනිවදභාවයෙන් සිදු කරන බව ද සහතික කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:වරදකරුවන් වූ පාස්කු චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන්...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...