ටිබෙටය චීන දේශභූමියේ කොටසක් බව චීනයෙන් ඇමරිකාවට ප්‍රකාශයක්!

කොළඹ LNW:ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් 14 වැනි Dalai Lama හමු වීම සහ මෑතකදී ඇමරිකා කොංග්‍රසය චීනයේ ටිබෙටය පිළිබඳ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් චීනය සිය අදහස් පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ ටිබෙටයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට ඊට මැදිහත් විය නොහැකි බවයි.

14 වැනි Dalai Lama හුදු ආගමික ශාස්තෘවරයෙක් ‍නොවන බවත්, ඔහු ආගමට මුවාවී චීනයට එරෙහිව බෙදුම්වාදී මෙහෙයුම්වල නිරත වන දේශපාලන සරණාගතයෙකු බවත් චීන ප්‍රකාශක පවසා තිබෙනවා.

‘ටිබෙටය අතීතයේ සිටම චීන දේශභූමියේ කොටසකි’ මේ බව පිළිගෙන ටිබෙටයේ ස්වාධීනත්වයට අනුබල නොදෙන පොරොන්දුව කඩ නොකරන ලෙසත් අදාළ පනතට අත්සන් නොතබන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි චීනය පවසන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...