කෑලි හැළුණු 21 හෙට කැබිනට් මණ්ඩලයට – විධායක බලතල කප්පාදුව වත්මන් ජනාධිපතිට අදාල නෑ !

Date:

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති රැසක් සංශෝධනය කර හෙට දිනයේදී යළිත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදී සිදුකළ යුතු සංශෝධන කිහිපයක් පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්, විධායක ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කිරීමට එරෙහිව දිගින් දිගටම කරුණු දක්වා තිබෙනවා.

අවසානයේදී එකඟතාවයකට පැමිණ තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයාට බලනොපාන පරිදි විධායක බලතල කප්පාදු කිරීම සිදුවිය යුතු බවටයි. ඒ අනුව අගමැතිවරයා වෙනස් කිරීමේ බලය, කැබිනට් ඇමතිවරුන් පත් කිරීම, කැබිනට් විෂයයන් පැවරීම, ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීමේ හැකියාව යන කරුණු සංශෝධනය කිරීමට නියමිත නමුත් එම කරුණු සියල්ලම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් පසුව බලාත්මක වනු ඇත.

මෙම සංශෝධන ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර කැබිනට් රැස්වීමට පෙර හෙට පස්වරුවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...