රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW :
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව රන් ආලේපිත T-56 ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව නැවතත් සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
මෙම ආයුධය මීට පෙර හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී කාන්තාවකගේ බෑගයක තිබී සොයාගත් අතර, ඒ සම්බන්ධයෙන් පැවති නඩුවෙන් ඔහු මීට පෙර නිදහස් කර තිබුණි.
කෙසේ වෙතත්, ත්‍රස්ත මර්දන ඒකකය සිදු කළ අලුත්ම විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව නැවත චෝදනා එල්ල කළ හැකි බව දන්වා ඇත.
ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කරමින් නොතීසි නිකුත් කර තිබේ.


