ලෝක සරණාගත දිනය අදයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 20,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝක සරණාගත දිනය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ජුනි 20 වන දින සංවිධානය කරන ජාත්‍යන්තර දිනයකි.

එය නිර්මාණය කර ඇත්තේ ලොව පුරා සිටින සරණාගතයින් සැමරීම සහ ගෞරවය දැක්වීම සඳහා ය.

තම රටෙහි ගැටුම් සහ පීඩා හේතුවෙන් වඩා හොඳ ජිවිතයක් බලාපොරොත්තුවෙන් සිය රටෙන් පලා යන සරණාගතයින්ගේ ශක්තිය හඳුනා ගැනීම මෙන්ම ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ අවබෝධය හරහා ඔවුන්ගේ අනාගතය යළි ගොඩනගා ගැනීමේදී කෙනෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යය පෙන්නුම් කරයි.

කෙසේ නමුත් පෘථිවියේ සිටින සෑම 69 දෙනෙකුගෙන්ම එක් අයෙක් දැන් අවතැන් වී ඇති අතර එය මිලියන 120ක පමණ ජනතාවක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 1.5ක් නියෝජනය කරයි.

ඔවුන්ගෙන් මිලියන හැට අටක් ඔවුන්ගේම රටවල් තුළ අභ්‍යන්තරව අවතැන්ව සිටිති. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) වාර්ෂික අවතැන් වාර්තාවට අනුව ඉතිරි පිරිස ආරක්ෂාව අවශ්‍ය සරණාගතයින් (මිලියන 43.4) සහ සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයින් (මිලියන 6.9) වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සරණාගතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 951 දී එක්සත් ජාතීන් විසින් සරණාගත සම්මුතිය ස්ථාපිත කරන ලදී. 1967 දී, ලෝකයේ සෙසු ප්‍රදේශවල අවතැන්වීම්වලට විසඳුම් සෙවීම සඳහා ම්මුතිය පුළුල් කරන ලදී.

සරණාගත සම්මුතිය ඇති වන විට සරණාගතයින් මිලියන 2.1 ක් සිටියහ. 1980 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්තා කරන ලද සරණාගතයින් සංඛ්‍යාව පළමු වරට මිලියන 10 ඉක්මවා ගියේය. 1980 ගණන්වල ඇෆ්ගනිස්ථානයේ සහ ඉතියෝපියාවේ ඇති වූ යුද්ධ නිසා සරණාගතයින් සංඛ්‍යාව 1990 වන විට මිලියන 20 දක්වා දෙගුණ විය.

මේවන විට 2024 වන විට, සියලුම සරණාගතයින්ගෙන් හතරෙන් තුනක් (සියයට 72) පමණ පැමිණ ඇත්තේ රටවල් පහකින් පමණි. එනම්, ඇෆ්නිස්ථානය (මිලියන 6.4), සිරියාව (මිලියන 6.4), වෙනිසියුලාව (මිලියන 6.1), යුක්රේනය (මිලියන 6) සහ පලස්තීනය (මිලියන 6)ක් වශයෙනි,

ලෝකයේ විශාලතම සරණාගත ජනගහනයට සත්කාරකත්වය දරන රටවල් අතර ඉරානය (මිලියන 3.8), තුර්කිය (මිලියන 3.3), කොලොම්බියාව (මිලියන 2.9), ජර්මනිය (මිලියන 2.6) සහ පාකිස්තානය (මිලියන 2) විශේෂයෙන් සඳහන් කර යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...