‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කෙනෙකු ඉරානය හා නොගැටෙන බවත්, හැකිනම් ඉරාන සමඟ යුද්ධයකට එන ලෙසත්, උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කර ඇති බව වාර්තා වේ.

මෙත් සමඟ ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල් ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වේද යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනු ඇතැයි ධවල මන්දිරය සඳහන් කර ඇති අතර ‘ අයතුල්ලා අලි කමෙනි පහසු ඉලක්කයක් බවත්, තමා සම්බන්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුවන්, තමා කරන දෙය කිසිවෙකු නොදන්නා බවයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ,

පසුගිය සිකුරාදා(13)වන දා සිට ඇරඹි ඉරානය-ඊශ්‍රයලය අතර යුද්ධය අද(20)වන විට අඛන්ඩව අටවන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉරානය විසින් ඊයේ(19) රාත්‍රියේදී සිය බලවත්ම මිසයිලයක් වන ෆටා මිසයිලය ඊශ්‍රයල අගනගරය වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් බැනර් ඉරානයේ ප්‍රදර්ශනය කර තිබුණේ, ටෙල්අවිව් වෙත තත්පර 400ක් යනුවෙනි.

කෙසේ නමුත්, මේ වන විට ඉරානය මිසයිල 400ක් පමණ යොමුකර ඇති බවත්, දිනකට ඩොලර් මිලියන 250ක් වය කරමින් ඊශ්‍රායලය සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය හරහා බැලස්ටික් මිසයිල කිහිපයක් හැර අනෙකුත් සියලුම මිසයිල වලක්වා ගැනීමට සමත් වූ බව ඊශ්‍රයල ආරක්ෂක අංශ සඳහන් කර තිබේ. ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 800ක් පමණ තුවාල ලබා ඇති බවත් ගොඩනැගිලි 16,000ක් පමණ විනාශයට පත්ව ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම ඊශ්‍රායලය මේ වන විට ටෙහෙරානයේ ගුවන් ආරක්ෂණ අවකාශය නතුකරගෙන් ඇති අතර ඉරානයට දියත් කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගොස් 1277දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...