ජනාධිපති ට්‍රම්ප් ඩොලර් මිලියන 400ක් වටිනා සිය නිල “Air Force One” ගුවන් යානය එලි දක්වයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජොයින්ට් බේස් ඇන්ඩෲස් හිදී ලොව වඩාත්ම සුඛෝපභෝගී සහ ආරක්ෂිත ගුවන් යානයක් ලෙස සැලකෙන නවතම ‘Air Force One’ යානය එළිදක්වා තිබේ.

VC-25B ලෙස නම් කරන ලද සහ රතු, සුදු, තද නිල් සහ රන්වන් පැහැයෙන් යුත් වර්ණයෙන් සරසා ඇති මෙම නව ජෙට් යානය කටාර් ගල්ෆ් එමීර් රාජ්‍යය විසින් ට්‍රම්ප්ට තෑගි කරන ලද අතර, ඩොලර් මිලියන 400ක් වටිනා යානයකි.

මෙය ජනාධිපතිවරයාගේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන “Bridge” යානයක් ලෙස නම් කර ඇති අතර පෙර තිබූ යානයට වඩා ප්‍රමාණයෙන් දෙගුණයක් විශාල වන අතර, එහි ඉතා ඉහළ මට්ටමේ ආරක්ෂක පද්ධති, ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය සියලුම කාර්යාල පහසුකම් සහ නේවාසිකාගාර අන්තර්ගතයි.

එමෙන්ම මෙහි අහසේදී ම ඉන්ධන පිරවීමේ හැකියාව, මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ පද්ධති සහ කිසිදු බාධාවකින් තොරව ලෝකයේ ඕනෑම තැනක සිට සන්නිවේදනය කිරීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂී ආරක්ෂක අංග වලින් සමන්විත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...