ජනපති රනිල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

0
321

එක්සත් රාජධානියෙහි සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ.

එහිදී ජනාධිපතිවරයා හා මහලේකම්වරිය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එමෙන්ම දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහාය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

RN