රාජ්‍ය ආයතනවල හිඟ බදු තවදුරටත් පවතිනවා – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 21 , කොළඹ (LNW):


තවදුරටත්
රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

“ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලත් දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා. විපක්ෂය දැන් කියන්න උත්සාහ කරනවා මේ අයකර ගන්න තියෙන දේවල් අයකර ගන්නේ නැතුව අලුත් දේවල් කරන්න හදනවා අපි හිටියා නම් ඔහොම නෑ කියන්නනේ ඔය උත්සාහය. ඕක සරල තර්කයක්. රජය හැටියට පැහැදිලිවම කියන්න ඕනේ ඔව් හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක අපේ රටේ බදු නීතියේ තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකයේම තියෙනවා. රජය විසින් බද්දක් ගෙවන්න කිව්වහම නීතිය ඉදිරියේ ගිහින් අභියාචනා කරන්න රජය කිව්වට අපිට මේක ගෙවන්න බෑ කියලා අධිකරණයෙන් අධිකරණයට යන්න සමස්ත ජනතාවට අයිතියක් තියෙනවා. ඒ තුළ තියෙන ඒවා තමා මෙතැන වැඩිපුර තියෙන්නේ. දෙවැනි එක රජයේ ආයතන ගෙවන්න තියෙන බදු. මම කියන්න ඕනේ හිඟ බදු අයකර ගැනීමට රජයට තියෙන සියලු බලතල මේ යුගයේ තරම් ක්‍රියාත්මක කරපු යුගයක් තවත් නෑ.” ලෙස අමාතවරයා කියා සියියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...