අද හොඳම කණ්ඩායම ඕනි

Date:

තෙවන එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග දෙකක් ජයගෙන ඉදිරියෙන් සිටියි.තව තරඟ දෙකක් ඉතිරිව ඇත.තරගාවලිය ජය ගන්නට මෙම තරග දෙකෙන් එකක් ජයගත යුතුව ඇත.එය පස්සට දැමීම නුසුදුසුය.මේ මොහොතේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉතා හොඳ මානසික විශ්වාසයක සිටින ශ්‍රී ලංකාව අඳ තරඟය ජය ගැනීමට හොඳම දේ කළ යුතුය.

එක්දින තරගාවලිය පුරාම සාර්ථකම පිතිකරුවා වී සිටින්නේ කුසල් මෙණ්ඩිස්ය.භාහිර බලපෑම් ඔස්සේ වැටුණු මනස කෙළින් කරගෙන යළිත් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට පාත්‍ර වන්නට පටන්ගෙන සිටින කුසල් මේ තරගයට මුහුණ දෙන්නේ අලුතින් හිමි වූ පීතෘත්වයේ සතුට ද රැඟෙනය.ඒ මානසික තාප්තිමත්භාවය ද,තමන්ගේ දුවට හොඳම දේ දීමේ අපේක්ෂාවද අනුව අද ද කුසල් වෙතින් හොඳ ඉණිමකට අවශ්‍යය සංයමය ප්‍රදර්ශනය වනු ඇතැයි සිතිය හැකිය.නමුත් දෙවන තරගයේදි මතු වූ ආබාධය සියයට සියයක් සුව වී නැතිනම් කුසල් අද යොදා ගැනීම නුසුදුසුය.

එසේ වුවහොත් සංචිතයේ සිටින භානුක රාජපක්ෂට හෝ දිනේශ් චන්දිමාල් ට අවස්ථාව දීම වැදගත් ය.එහිදි දිනේෂ් චන්දිමාල් ද කඩුලු රකින්නෙක් නිසා භානුක ගැන සිතීම වඩා වැදගත් වන්නේ ඔහු ප්‍රහාරකයෙක් හැටියට ගත්තද දිනේෂ් චන්දිමාල් ට වඩා ඉදිරියෙන් සිටින බැවින් ය.මේ මොහොත ගැන සිතීමේදි චන්දිමාල්ගේ ප්‍රවීනත්වය ඉක්මවා භානුකට යම් කාලීන වටිනාකමක් ඇති බව ද පැහැදිළිය.නමුත් සෞඛ්‍යමය වශයෙන් සියයට සියයක් හොඳ තත්ත්වයේ සිටින්නේනම් අද ද කුසල් මෙණ්ඩිස් තරඟ කිරීම අතිශයින් වැදගත්ය.

එසේම වනිඳු හසරංග අද තරගයට සූදානම් කළ හැකි මට්ටමෙන් සිය සෞඛ්‍ය තත්ත්වය යහපත් තැනකට ගොඩ නඟා ගෙන ඇත්නම් ඔහුව කැඳවීම ද වැදගත්ය.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට සිටින හොඳම ජාත්‍යන්තර මට්ටමේ පන්දු යවන්නා වන වනිඳු ශ්‍රී ලංකාව වැනි දඟ කැවෙන තණතිලි මත යොදා ගැනීම අතිශයින් වැදගත්ය.ඔහු කණ්ඩායමට පැමිණෙන්නේනම් එළියට යා යුත්තේ ජෙෆ්රි වැන්ඩර්සේ හෝ දුනිත් වෙල්ලාලය.වැන්ඩර් සේ ඉකුත් තරඟයේ දී ඔස්ට්‍රේලියානු කඩුලු තුනකටම වගකියමින් හොඳ පන්දු යැවීමක නිරත විය.නමුත් නායක දසුන් ඉතාම ප්‍රවේගකාරී වන මොහොතකදි පවා විශ්වාසයෙන් යුතුව අලුත් වෙල්ලාල භාවිතයට ගන්නා අයුරු අපි දුටුවෙමු.

වෙල්ලාල සහ වැන්ඩර්සේ අතරින් වඩාත් වැදගත් වන්නේ කවුද යන්න තීරණය කිරිමේදී මේ මොහොතේ තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටින වෙල්ලාලගේ ගැන සිතීම වැදගත් ය.එසේම ඔහු ඉකුත් තරඟවලදී පෙන් වූ ප්‍රදර්ශනාත්මක පන්දු රැකීම ද කණ්ඩායමට එකතු වුණ අතිරේක ධන ලකුණක්ය.අවශ්‍යය මොහොතේදි වැන්ඩර්සේ ට වඩා විශ්වාසයෙන් සහ වේගයෙන් ලකුණු අතරට එන්නට පිතිකරුවෙක් ලෙස වෙල්ලාලගේ දක්වන දක්ෂතායද සැළකිල්ලට ගැනීම වටින්නේය.

ඒ අනුව අද මතු අනතුරක් ඇති විය හැකි අවධානමෙන් සියයට සියයක් මිදි ඇත්නම් කුසල් මෙණ්ඩිස් මෙන්ම වනිඳු හසරංග ද අද තරගයට ක්‍රිඩා කිරීම වටින්නේ ය.කුසල් කණ්ඩායමේ සිටිය බැවින් ඔහු ක්‍රිඩා කරන්නේනම් වෙනත් යමක් සිතීම අවශ්‍යය නොවන අතර නමුත් වනිඳු කණ්ඩායමට එන්නේනම් වැන්ඩර්සේ හෝ දුනිත් ඉවත් විය යුතු වු බැවින් වඩාත් හොඳ තුන් ඉරියව් හැකියාව ද සළකා දුනික් වෙල්ලාලගේ කණ්ඩායමේ රඳවා ගැනීම යහපත් වෙනු ඇත.ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී සිතිය යුතුව ඇත්තේ තරගාවලියේ ජයග්‍රහණය කිසිම ලෙසකින් පස්වන තරගය දක්වා ඇඳගෙන යන්න නොතබා මේ තරගයෙන් ස්ථිර කර ගන්නේ කෙසේද යන්නය.

ඒ සඳහා කුසල් අසනිප නැත්නම් තෙවන තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම හෝ වනිඳු කණ්ඩායමට පැමිණෙන්නේනම් වනිඳු සමඟ දුනිත් රඳවාගෙන ක්‍රිඩා කිරීම වැදගත්ය. අද ක්‍රීඩා කරන කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට සිව්වන තරඟයෙන් ස්ථිර කර ගත හැකි කණ්ඩායමක් වීම අතිශයින් වැදගත්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...