රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :
මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය තාක්ෂණික හා මූුල්‍ය සහයෝගය ලබා දීමට එක්සත් රාජධානියේ මෙරට වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයාගෙන් එකගතාවයක් …
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා (Lord Hannett of Everton) අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා (Lord Hannett of Everton) එම සංචාරය අතරතුර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා හමුවූ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik) මහතා ද එම විශේෂ අවස්ථාවට එක්ව සිටියේය.
මෙරට ක්රියාක්මක නිදහස් සෞඛ්‍ය සේවාව නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මකවන නව්‍ය වැඩපිළිවෙල පිළිබඳවත්, සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීන වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙල , සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබදව දීර්ඝව අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ඡා සිදු කරන ලදි.
මෙහි දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන බෝවන සහ බෝනොවන රෝග ඇතුළු අභියෝගයන් පිළිබඳවත්, මෙරට රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් ජනතාවට රෝගී සත්කාර සේවාවන් විධිමත්ව, කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිළිබදවත්, එහිදී බලපාන තාක්ෂණික හා මූල්‍ය ගැටළු පිළිබදවත් එවර්ටන් හි හැනට් සාමිවරයාව දැනුවත් කිරීමට පියවර ගත් අතර මෙරටට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා දීමට ඒ මහතා මෙහි දී කැමැත්ත පලකර සිටියේය.
ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති “ආරෝග්‍යා” ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමේ සහ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳවත්, සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා රජය ගෙනයන සැලසුම් සහගත වැඩපිළිවෙල මෙන්ම සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම පිළිබදවත්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයාට මෙහි දී කරුණු පැහැදිලි කළේ ය.
වත්මන් රජය ගෙන යනු ලබන ජනතාවාදී වැඩපිළිවෙල ඇගයීමට ලක් කරමින් බ්‍රිතාන්‍යයේ දියුණු සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් පිළිබදව ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා මෙහි දී විස්තර කරනු ලැබී ය. මෙරට සෞඛ්‍ය පද්ධතියේ සිදුවිය යුතු සංවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ද එවර්ටන් හි හැනට් සාමිවරයා මෙහි දී අවධානය යොමු කරන බව සඳහන් කළේ ය.
වත්මන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා සමග පැවති පළමු හමුව මෙය වූ අතර වසරක කාලයක් තුළ දී එවර්ටන් හි හැනට් සාමිවරයා මෙරට සිදුකළ දෙවන සංචාරය් දී මෙම හමුව සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් කාර්යාලයේ වෙළද සහ ආයෝජන ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්යවයාගේ පෞද්ගලික ලේකම් සුමාල් ධනුෂ්ක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියහ.


