සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පර්භානි දිස්ත්‍රික්කයේ මන්වාත් තාලුකයේ යෂ්වාඩි හනුමාන් කෝවිලේ වහලය කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ අනතුර සිදුවන විට යාඥාවන් සහ ප්‍රජා ආහාර වේලක් සඳහා විශාල පිරිසක් එහි රැස්ව සිටි අතර වහලය කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතියි.
පැය දෙකහමාරක් තිස්සේ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වූ අතර පොලිසිය, ආපදා කළමනාකරණ කණ්ඩායමක්, පොදු වැඩ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ගම්වැසියන් සම්බන්ධ විය. අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ඛේදවාචකය පිළිබඳව ශෝකය පළ කර තිබු අතර මියගිය සෑම කෙනෙකුගේම ළඟම ඥාතීන්ට ප්‍රාන්ත රජය රුපියල් ලක්ෂ 5 ක මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ,

