*
Friday, June 28, 2024
spot_img

Latest Posts

බැඩ්මින්ටන් ප්‍රවීනයන් කොළඹට රොඳ බඳින තරගාවලියක්

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 22, (LNW) කොළඹ :
ලොව පුරා සිටින ඉහළම මට්ටමේ ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වෙනු ඇතැයි අපේක්ෂිත, සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් ලබන ජූලි මස 25 සිට 28 දක්වා වෙළෙදසේවා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් දසදහසක මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

රටට අවශ්‍යය කරන විදේශ මුදල් සංචිත පුළුල් කරන්නට දායකත්වයක් දෙන තරගාවලියක් ලෙස පැවත්වෙන ජාතික අවශ්‍යයතාවයක් තහවුරු කරන ඉසව්වක් ලෙස නම් කළ හැකි, මෙම සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නීතිරීතිවලට අනුව පැවැත්වෙයි. තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 25 සහ 26 පැවැත්වෙනු ඇත. අර්ධ අවසන් වටයේ සහ අවසන් පූර්ව වටයේ තරග ජූලි 27 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරග ජූලි 28 වැනිදා පැවැත්වේ.

අවුරුදු 35න් ඉහළ සිට අවුරුදු 75න් ඉහළ දක්වා වයස් කාණ්ඩ යටතේ සහ
අවුරුදු 100+, 110+, 120+ 130+ සහ 140+ වශයෙන් ඒකාබද්ධ වයස් කාණ්ඩ
යටතේ තරග පැවැත්වෙන අතර ඊට කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර
යුගල තරග ඇතුළත් ය.සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් බාර ගැනීම

ලබන ජූලි මස 2 වැනිදා අවසන් වන අතර, සිලෝන් මාස්ටර්ස් ෆේස් බුක්
https://www.facebook.com/Ceylon Masters පිටුවෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිල
වෙබ් අඩවිය https://srilankabadminton.lk/tournaments/ ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි
විය හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan