ජූනි 25, LNW(Colombo): ”ජීවත් වෙන්න අමාරුයි. බඩු මිල අඩු කරනු” යන මැයෙන් ජන අරගල ව්යාපාරය විසින් අද (25) පස්වරුවේ කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
විරෝධතාව අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණි.
විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලීසිය ඊට බාධා කිරීම හේතුවෙන් එම නොසන්සුන්තා ඇති විය.
එහිදී ඔවුන් පොලිස් අණ නොතකා ඉදිරියටම ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවීමටද පියවර ගෙන තිබුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න





















