*
Sunday, June 30, 2024
spot_img

Latest Posts

FINAL එකට ඉස්සෙල්ලා හරියට TUNE කර ගමු

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 28, (LNW) කොළඹ:
මේ වන විට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සූරයන් වන්නේ දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව බව සහතික වී හමාරය.මෙහිදී වඩාත්ම දක්ෂ ක්‍රීඩකයන් සතුව සිටින ඉන්දියාවට තරගයේ හැඩයට අනුව වෙනස් විය හැකි හැකියාවක් ඇති දකුණු අප්‍රිකාව විශාල තර්ජනයක් වීමට ඇති ඉඩ විශාලය.කෙසේ නමුත් බොහෝ විට මෙවැනි තරගවලදී අවසාන තරගයට එන එක කණ්ඩායමක් හෝ පළමු වටයේ තරගයකින් පරාජය වී තිබිය හැකි වුවත්,මෙවර අවසාන තරගයට පැමිණ ඇති කණ්ඩායම් දෙකම අපරාජිතය.ඔවුන්ගෙන් කණ්ඩායමක් මේ තරගාවලියේ පළමුවරට පරාජයක් භුක්ති විඳින්නට නියමිත අවසාන තරගයේ බැවින් එම පරාජය භාර ගන්නට කණ්ඩායම් දෙකම පහසුවෙන් සූදානම් නොවනු ඇත.එහෙත් අපේ විග්‍රහයට අනුව ඒඩ්න් මාක්රම් තරගයෙන් තරගයට සිය පන්දු යැවීමේ බල ඇණිය මෙහෙයවන ආකාරය අනුව ඉන්දියාවට මේ ලෝක කුසලානය රැඟෙන යාම පහසු නැති බව පමණක් කිව හැකිය.



ඇෆ්ගනිස්තානයට අවසන් පූර්ව තරගයක ලද විශාලම පරාජය ලබමින් දකුණු අප්‍රිකාවට අවසන් තරගය සඳහා පිවිසෙන්නට මඟ සකස් කරමින් ලෝක කුසලානය සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු අත් හැර දමන්නට සිඳු විය.දකුණු අප්‍රිකාව ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක අවසාන තරගයකට පිවිසි පළමු අවස්ථාව එයය.අවුරුදු 19 න් පහළ තරගයකදී දකුණු අප්‍රිකාවට එම භාග්‍යය උදා කර දුන් ඒඩ්න් මාක්රම්ගේ නායකත්වයම 2024 දී ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එවැනි තත්ත්වයක් උදා කරන්නට දායක වි ඇත.

දකුණු අප්‍රිකාව මේ තරගාවලියේ තවමත් අපරාජිතය.ඔවුන් ජය ලැබීම ආරම්භ කළේ ශ්‍රී ලංකාව පරාජය කරමින්ය.එහිදි කාගේත් දෝෂ දර්ශනයට ලක් වූ ප්‍රධාන කාරණාවක් වූයේ කාසියේ වාසිය ලබා ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමය.අද ඇෆ්ගනිස්තානය ද ඒ දේ ම කළේය.දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව පරාජය ලැබූ තණතිල්ලේම බංගලාදේශයට එරෙහිව කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දී ජය ගත්තේය.තීරණය ගන්නේ සැළසුමක් හිසේ තබාගෙනය.එය ඇෆ්ගනිස්තානයට සහ ශ්‍රී ලංකාවට වැරදුණ ද,දකුණු අප්‍රිකාවට වැරදුණේ නැත.
ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉදිරයේ අසරණව හැකිලී ගිය අයුරු තවමත් කතා කර අවසන් නැත.එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් කිසි ආකාරයකට දකුණු අප්‍රිකාවට තර්ජනයක් ඇති කළ බව අපි පිළිගත යුතු වන්නෙමු.දකුණු අප්‍රිකාව සමඟ අවසන් පූර්ව තරගය දක්වා පැමිණි ඇෆ්ගනිස්තානයේ හැසිරීම ගත් විට ඇෆ්ගන් ක්‍රීඩකයින්ගේ දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවට පහර දීම සහ පන්දු යැවීම යන කාරණා දෙකම සාපේක්ෂව තිබුණේ ශ්‍රී ලංකාවට පිටුපසින්ය.
එහෙත් ඇෆ්ගන් කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා පැමිණ අවසන් අතර ශ්‍රී ලංකාව අවසන් අට දෙනාටද නොපැමිණ ගෙදර ඇවිත් අවසන් නිසා ඒ ගැන කතා කිරීම නිශ්පල බව සිතෙන්නට හැකිය.දකුණු අප්‍රිකාව අපහසුවෙන්ම ජයගත්තේ නේපාලයට එරෙහිවය.ඒ එක ලකුණකින්ය.මේ ගැන කියන විට ලංකාවේ සෘනාත්මක දෘෂ්ඨිය සහ ද්වේශය යොදා ගන්නා අයට කීමට ඇති හොඳම කතාව වන්නේ, නේපාලය සමඟ තරගය පැවතුණානම් දකුණු අප්‍රිකාවට නේපාලය දුන් අභියෝගයේ තරමට අප නේපාලයට පරදින බවය.එහෙත් ලකුණු 208 ක් ලබා ශ්‍රී ලංකාව ජයගත් නෙදර්ලන්ත කණ්ඩායම නේපාලය පරාජය කළ ආකාරය අප එහිදී අවධානයට ගන්නේම නැත.සියල්ල කිරා මැන බැලීම වෙනුවට වත්මන් ක්‍රිකට් සම්බන්ධ කතාවන් ගොඩ නැඟේනනේ තමන්ගේ රුචිකත්වය මත එම රුචිකත්වයට ගැලපෙන කරුණු ඉහළ දමමින්ය.

මෙහිදී අවසන් කණ්ඩායම් හතරට පැමිණි එංගලන්තය අමාරුවෙන්ම මුල් කණ්ඩායම් අට අතරට රිංගා ගත් කණ්ඩායමය.ඔවුන් අවසානයේ ඊට වඩා පහසුවෙන් අවසාන කණ්ඩායම් හතර අතරට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට නැවත වරක් සිතා බලන්නට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව පරාජය කරමින් පෙරට පැමිණි ආකාරය සහ අවසාන පූර්ව තරගය ජය ගැනීම දක්වා ජයග්‍රහණ ලබා ගත් ආකාරය නිරීක්ෂණය කිරීම වැදගත්ය.
https://es.pn/4bpakcL

එහිදී දකුණු අප්‍රිකාව ජය ගැනීමෙන් පසුව බියර් පානය කරන පිංතූර වැනි දේ ගැන සැළකිල්ල යොමු කර ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සැකසීමට උපදෙස් දීම සඳහා ඡායාරූප පරීක්ෂා කිරීම වැනි කාරණා මේ ප්‍රතිපල සමඟ අදාළ කරන්නේ නැත.එවැනි ආගමික ජිවිතවලට දකුණු අප්‍රිකානුවන් හුරු කිරීම වෙනම පවත්වාගෙන යා යුතුය.ඉන්දියාවට පරාජය වුවහොත් එවැනි උපදේශන සැසි ගණනාවක් ක්‍රීඩකයින් යනු, නරඹන්නන්ගේ අවශ්‍යයතා වෙනුවෙන් සහ උවමනාවන් වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කළ යුතු සත්ව කොට්ඨාශයක් බව සිතන අයට දීර්ඝ වශයෙන් කර ගෙන යන්නට හැකිය.

එසේම මෙහිදී තවත් කරුණක් සඳහා අවධානය යොමු කළ යුතුය.මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලානය පැවත් වුණේ කණ්ඩායම් 16ක් යොදා ගෙන කණ්ඩායම් 12 ක් සුපිරි වටයට ගෙනවිත්ය.මෙවර මූලික වටයට කණ්ඩායම් 20 ක් ගෙනවිත් සුපිරි වටයට කණ්ඩායම් 8 ක් පමණක් ගෙන ආවේය.එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවට පමණක් නොව පකිස්තානයට සහ නවසීලන්තයට ද ගෙදර යන්නට සිඳු විය.
මේ මොහොතේ ශ්‍රී ලංකාවට ගෙදර යාමට සිඳුවිම ගැන සමාවක් දීමට සූදානම් නැති වුවත් පකිස්තානයට සහ නවසීලන්තයට ගෙදර නොයා සිටින්නට සුපිරි 12 වටය තිබුණානම් හැකි බව පෙන්වීමට පහත සඳහන් සබැඳිය පරික්ෂා කිරීම යහපත්ය. https://es.pn/3RMQnoW

එසේම මේ දත්ත පිරික්සීමේදී අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණි එංගලන්තය අවසන් අට අතරට පැමිණියේ කෙතරම් අපහසුවෙන් ද යන්න ද විමසා බලා ගන්නට හැකිය.ඔවුන්ට එක්දින ලෝක කුසලානය 96 දිනා 99 දී පළමු වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වන්නට ගිය ඉරණමම වත්මන් විස්සයි ව්ස්ස ලෝක සූරයන් ලෙස අත් වෙන්නට යාම වැළක්වී ඇති ආකාරයද ඉහත සබැඳියෙන් පැහැදිළි කර ගැනීමට හැකිය.සමහර විට ශ්‍රී ලංකාව නැතත් අවසන් 12 වටය ක්‍රියාත්මක වූවේනම් නවසීලන්තය සහ පකිස්තානය මේ තරගාවලියට වෙනසක් කරන්නට ඉඩ තිබුණු බව සිතිය හැකි නොවේද?

එසේම වැදගත්ම කාරණයක් වන්නේ අයිපීඑල් තරගාවලියේ අඩක් ගෙවෙන විට පෙරමුණේ සිටිය කණ්ඩායම් සැඟ වී ගොස් පසුපසින් සිටි කණ්ඩායම් අඛණ්ඩව ජය ගනිමින් පෙරට පැමිණීම තේරුම් ගැනීමය.එක දිගට තරග කරද්දී පරාජය වූ කණ්ඩායම් ජය ගැනීම සහ ජය ගත් කණ්ඩායම් පරාජය වීම යනු විශේෂයෙන්ම විස්සයි විස්ස ක්‍රිකට්වලට අනන්‍ය කාරණයක් බව බැහැර කළ නොහැකිය.විස්සයි විස්ස ක්‍රිකට් සංස්කෘතිය ඇතුළත සුපිරි යන්න පාවෙන තත්ත්වයක් වන අතර එක සුළු අතවැරදීමකින් සිඳුවන හානිය බරපතල පරාජයක් වන්නට ඉඩ ඇත.එය වෙනත් ක්‍රිකට් තරග ආකෘතිවලට වඩා ජයග්‍රහණය වඩාත් විවෘතව තිබෙන තැනක් බව තේරුම් ගැනීම වැදගත්ය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සමග කරන විග්‍රහවලදී සම්පූර්ණයෙන්ම වරද කණ්ඩායම තේරීමේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැවරී ඇත.එහෙත් තවමත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි මතයකට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ද අදහස් අනුව සළකා බලද්දී සාධාරණ චෝදනාවක් ඇත්තේ කණ්ඩායම තේරීමේ දී නායක වනිඳු හසරංග ප්‍රමාණය ඉක්මවා තමන්ට අවශ්‍යය කණ්ඩායම වෙනුවෙන් තේරුම් කමිටුව සමඟ ගැටුණු බවට එල්ල වෙන චෝදනාවේ පමණි.එය යම් ආකාරයකට තේරීම් කමිටුව තමන්ට අවශ්‍යය දේම කළ බව කියමින් තරගාවලියට පෙරම වනිඳු ද සනාත කර ඇත.එසේනම් ඇතැම් ක්‍රීඩකයින්ට පෞද්ගලිකව තමන් අකමැති බව කියමින් කණ්ඩායමට ඒම ප්‍රතික්ෂේප කිරීම වැනි කරුණු ගැන වනිඳු වගකීම දැරිය යුතු අතර එහෙත් තරගාවලියට සහභාගි වූ කණ්ඩායම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සැඳුණු කණ්ඩායමක් යන්න කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මේ සිඳුවන කතා බහේ දී තවත් වැදගත් දෙයක් පැවසිය යුතුව ඇත.ප්‍රායෝගිකව මේ පොළවේ වැඩ කර ප්‍රතිපල පෙන් වූ මානසික් අභිප්‍රේරකයෙක් කණ්ඩායමට අවශ්‍යය වී ඇත.විශේෂයෙන් සිංහල බසින් මේ දේ කළ හැකි අයෙක් ලෙස අප මීට පෙර ද භාතිය අර්ථනායක වැන්නෙක් රඳවා ගැනීමේ වැදගත්කම පෙන්නා දී ඇත.ඔහුට මේ ක්‍රීඩකයින්ගේ ස්ථරයන් ස්පර්ශ කිරීමට ඇති හැකියාව පදනම් කරගෙන ඒ කාරණය අප පෙන්වා දුන්න ද වැඩි අවධානයක් ඒ සඳහා යොමු වූ බවක් පෙනෙන්නට නැත.පරිපාලනය විසින් තින්දු කළ යුතු එම කාරණය හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තේරීම් සම්බන්ධයෙන් වගකීමක් නැති බව ලංකාවේ ක්‍රීඩා නීතිය යටතේ අප විසින් තේරුම් ගත යුතුව ඇත.

මේ බොහෝ ප්‍රතිචාර විවේචන ලෙස සිඳුවන්නේ සංවිධානාත්මකව සිඳු කළ සීරීම් සහ පෑරීම් සමාජය මත පවතින නිසාය.දැන් මේ විරසක හැඟීම් පැමිණෙන්නට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනයට ඇතුළත් වෙන්නට සහ එහි වගකීමක් ගන්නට ක්‍රමයක් හොයන අයගේ උවමනාවය.ඒ නිසා වැඩි පුරම සිඳුවන්නේ පිරිසක් සුවය අපේක්ෂාවෙන් කරන මැදිහත්වීම් වෙනුවෙන් තවත් පිරිසක් පාරා ගැනීම් රිද්දා ගැනීම් කර ගනිමින් නොදැනම උපකාර කිරීමය.
මේ කතාවල විනෝදජනකම කතාව කිව්වේ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ය.කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මත සිඳු වෙමින් ඇත.පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පරිපාලනයේ අවුල වී ඇත.ක්‍රිකට්වල පහසුකම් ගමට ගොස් ඇත්තේ ඉබේමය.පුහුණුකරුවන් දක්ෂතා ඔප වැටීම් මේ සියල්ල ක්‍රීඩිකාවන්ට ඒහි භික්ෂූ ආකාරයට පහළ වි ඇති බව එතුමාගේ අදහසය.එහෙත් පුදුමය පළමුව ඇති කළ දුරස්වීම පදනම් කරගෙන රොෂාන් ගේ කතාවට ද ක්‍රිකට්වලට විරුද්ධ වී දොස් පැවරිය හැකි දායක සභාවක් නිර්මාණය වීමය.

දැන් ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව රැඟෙන යන බව ස්ථීරය.එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල තත්ත්ව දරුණුය.එළැඹෙන් විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායමේ හෝ පරිපාලනයේ කොටසකට හේත්තු වීම සඳහා පිරිස කණ්ඩායම ගැන කතා කරනවාට වඩා තමන්ට ඇති හැනියාවන් මෙන්ම කෛරාටිකකම් ද භාවිතා කරමින් ඇත.සමහරු උගුල් අටවමින් ද සිටිනවා විය හැකිය.ජාත්‍යන්තර තරගාවලියක් එන මොහොතවල බොහෝ විට මෙවැනි දේ සිඳුවීම සාමාන්‍ය තත්ත්වයකි.එය 99 19 න් පහළ ලෝක කුසලානය එද්දී ද සිඳු විය.

මේ සම්බන්ධ හොඳම සිඳුවීම වූයේ 2011 ලෝක කුසලානය පැමිණි විටය.අන්තිමට ගිණුම් වාර්තා තිබුණු පරිගණක දත්ත පවා අහිමි විය.ක්‍රිකට් වැටුප් ගෙවා ගැනීමට බැරි තැනකට වැටිණ.මෙවර ආසන්නම උදාහරණයේ දී ද,දේශපාලන බලයෙන් අතුරු කමිටුවක් ආවේ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සමඟය.අයිසීසී පෙර වැරදි ද සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරමින් 19 න් පහළ කණ්ඩායමට ලෝක කුසලාන අවස්ථාව ලබා දුන්න ද,ලෝක කුසලානය තරගාවලිය ලංකාවෙන් ඉවතට ගත්තේ එයට ලංකාවේ ක්‍රීඩා නීතිය භාවිතා කර ක්‍රිකට්වලට හානි කරන්නට ඇති ඉඩ ගැන සිතමින්ය.

ඒ නිසා දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ජයග්‍රහණය වෙනුවෙන් කරන සටනට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් එහි පරිපාලනය වෙනුවෙන් කණ්ඩායමේ ස්ථාන වෙනුවෙන්,කණ්ඩායමේ තනතුරු වෙනුවෙන් පෙළ ගැසී කරන සටන් සංකීරණය.මේවා පොදු සමාජයට එන්නේ ක්‍රිකට් ප්‍රේමී ආදර යෝජනාවල් ලෙසය.අපි කවදත් ප්‍රේමය සහ ආදරය නිවැරදිව වටහා නොගෙන පිල් බෙදී තමන්ගේ අනන්‍යතාවය සහ අයිතිය අනෙකාට ඇති බව නොසිතා සටන් නිර්මාණය කර ගත් රටක්ය.තමන් නොදැන කිසිවෙකුගේ උවමනාවන් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන මිනිසුන් සිටින රටක්බ ව තේරුම් ගෙන ක්‍රිකට් පිටියේ ලකුණු පූවරු සහ ක්‍රීඩා විලාශයන් පමණක් ක්‍රිකට් ලෙස සිතා කටයුතු කරන්නට යාම අදේශපාලනික පියවරක්ය.

ඇෆ්ගනිස්තානයට තණතිල නැහැ කියන බොරුව උස්සාගෙන යන විශාල පිරිසක් ලෝකයටම ප්‍රශ්නයක් වී තිබෙන ඇෆ්ගනිස්තානයේ දේශපාලනය නිසා කණ්ඩායම් එරටට නොයන බව නොදැනීමම ගැටළුවක්ය.සමස්ත සමාජය කියවා නොගෙන අපට අදාළ ක්‍රිකට් විතරයි කියා ඒ වටා කැරකෙන බොහෝ දෙනෙක්ට සිඳුවන්නේ ක්‍රිකට් වටා තමන් කැරකෙන වේගයට වඩා දහස් ගුණයක වේගයෙන් තමන් වටා කැරකෙන ප්‍රශ්නවල බලපෑම ක්‍රිකට්වලට ඇතුළුවෙන හැටි නොදැනී යාම සහ නොපෙනී යාමයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan