කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණි ජනපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 29, කොළඹ (LNW):

අද (29) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලු බව වාර්තා වේ.

කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වේ.

පල්ලිය හා අවට පරිශ්‍රය තුළ එක් රැස් වන ජලය වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 06ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබෙන බව සඳහන් වේ.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 02ක් ලබාදීමට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන පූජකතුමා වන ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත භාර දුන් බවද පැවසේ .

එමෙන්ම මීගමුව මාර්ගයේ සිට සිද්ධස්ථානය දක්වා පැමිණෙන මාර්ගය ඉතා අබලන්ව තිබෙන අතර එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව එම අවස්ථාවේම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිවරයා අදාළ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස දැනුම් දුන් බවද පැවසේ .

එසේම මීගමුව කලාපයේ කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී පියතුමන්ලා සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා කතෝලික පාසල්වල මතුව ඇති ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කර ඇත.

මේ අතර සති අන්තයේ සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය වෙත පැමිණ සිටි කතෝලික ජනතාව අතරට ද ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...