දුම්රිය සේවකයන් වර්ජනයක් අරඹයි – කොටුව දුම්රියපොළේ උණුසුම් තත්වයක් !

Date:

දුම්රිය සේවකයන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන්, දුම්රිය නියාමකයන් ඇතුළු අංශ කිහිපයකට අයත් සේවකයන් වර්ජනය සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මක වන නමුත්, තමන්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන බවයි දුම්රිය සේවකයන් පවසන්නේ. ඊට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දුම්රිය සේවකයන් සැළකිය යුතු ප්‍රමාණයක් අද සේවයට වාර්තා කර නොතිබූ අතර මේ නිසා දුම්රිය ගමන් වාර 20 කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට තීරණය කර තිබිණි.

මේ අතර දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් අද කොළඹ කොටුම දුම්රිය ස්ථානය තුළ උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. මගීන් විශාල ප්‍රමාණයක් දුම්රිය ස්ථානය වෙත පැමිණි නමුත් ඔවුන්ට ගමන් කිරීම සඳහා දුම්රිය නොමැතිවීම හේතුවෙන් ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් දුම්රිය බළධරීන් වෙත විරෝධය පළකර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...