නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය ඇමති සරණගෙන් අභියාචනයක්!

කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීම නිසා බරපතල වැඩ සහිතව වසර 16 ක සිරදඬුවමක් සහ දඩමුදලකට යටත්ව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ රන්ජන් ද සිල්වා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇති බව සඳහන්.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ලබා ගැනීම මඟින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණි.

එම නඩු විභාග කිරීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන අදාළ චෝදනාවලට වරදකරු කෙරුණු අතර ඔහුට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර හතර බැගින් සිරදඬුවම් නියම කෙරුණි.

ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්ත උප...

විජයදාසගේ පුත්‍ රකිතගේ බැංකු ගිණුම් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : හිටපු අධිකරණ අමාත්‍ය...

විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට වැඩ වැරුමක!

කොළඹ LNW:ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (30) දිනයේ...