*
Friday, July 5, 2024
spot_img

Latest Posts

ජනපති අද පාර්ලිමේන්තුවේදී..

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ,ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත්, කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් සඳහන් කළේය.

මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම ඔස්සේ යමින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙන ආකාරය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වන අතර එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කිසිදු කැපකිරීමක් නොකර විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවට බොහෝ දෙනා යෝජනා කළත් එය ප්‍රායෝගික නොවන අතර ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එවැන්නක් සිදුකළ නොහැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් සිදු ‍කර නොමැති බව ඇතැමුන් චෝදනා කළත්, නිල ද්වීපාර්ශ්වික ණය හිමියන් මූලික ණය මුදලෙහි කප්පාදුවක් කිසි විටෙක සිදු නොකරන අතර සහන ලබා ගත හැකි වන්නේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාලසීමා, පොළී අනුපාත අඩු කිරීම් ආදියෙන් බව ජනාධිපතිවරයා පැවසීය.

ඇතැමුන් තමන් බලය ලබා ගතහොත් මූලික ණය මුදලින් 50%ක් කපා හැරීමට ණය හිමි රටවල් සමඟ සාකච්ඡා කරන බව පැවසුවත් එම ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ණය හිමියාට හෝ ණය ගැතියාට නොවන අතර, ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානය විසින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක ණය තිරසරභාවය ඇති කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යුහගත සැලැස්ම තීරණය කරන්නේද IMF සංවිධානය බවද සඳහන් කළේය.

වත්මන් භූ දේශපාලනික ප්‍රවණතා ඇතුලු අභියෝග හා දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවද IMF වැඩසටහන ආරම්භ වී මාස 15ක පමණ කෙටි කාලයක් තුළ ද්වීපාර්ශ්වික නිල ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් එතරම් කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම සුවි‍ශේෂී ජයග්‍රහණයක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවයන් මත ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කිරීමට හැකි වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇ. ඩො බිලයන 05ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවයන් හමුවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩ නැඟීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්ෂකයන් ඇති කිරීම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මඟින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීමට අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට හැකි වන බව ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වුවත් එය තමන් බලයට පත් වන විට ඇ. ඩො. බිලියන 71ක් වූ බව මෙන්ම එය මේ වන විට ඇ. ඩො බිලියන 100ක් දක්වා ඉහළ දමා ඇති බවට ව්‍යාජ සංඛ්‍යා දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අනුගාමිකයින් පහත් අපහාස සිදු කරන තත්ත්වයට පත්ව ඇති බව ජනාධිපතියා පෙන්වා දුන්නේය.

ණය හිමියන් සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවට ද්වීපාර්ශ්වීය විදේශ ණය ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමඟ නැවතුන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විදේශ ණය ආධාර එදිනෙදා ආහාර අවශ්‍යතාව පිණිස මෙන්ම, වැටුප් වැඩි කිරීමට, රජයේ රැකියා ලබා දීමට, ආහාර ද්‍රව්‍ය විදුලි බලය වැනි දේ අඩු මිලට ලබා දීමට සහ රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවීමට යොදා ගැනීම නිදහසින් පසුව ශ්‍රී ලංකාව සිදු කර ගත් ප්‍රධාන වරදක් බව ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ තමන් බලයට පත් වූ පසු ලබා දෙන සහන පිළිබඳව දහසක් පොරොන්දු දෙමින් සිටියත් ඒ සඳහා මුදල් උපදවා ගන්නා ක්‍රමය පිළිබඳ වචනයක් හෝ කතා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්නා දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan