*
Thursday, July 4, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක තිබෙනවා – ශෙහාන් සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ,

රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සුබ ආරංචිය මේ වන විට ලැබී තිබෙනවා. ඉකුත් ජූනි මස 26 වනදා පැරිසියේ දී ද්වී පාර්ශ්වික ණය හිමියන් ලෙස නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමඟ එකඟතාවන්ට පැමිණීම මෙන්ම ගිවිසුම්ගතවීම ද සිදු වුණා. ඒ වගේම එදිනම චීන එක්සිම් බැංකුව සමඟ ද එකඟතාවන්ට පැමිණ ගිවිසුම්ගතවීම සිදු වුණා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් අප විසින් සම්පූර්ණ කර තිබෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක තිබෙනවා. එහෙත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුබවාදී ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. රටක් ලෙස මෙය ඉතාමත් කණගාටුදායක කාරණයක් බව පැවසිය යුතුයි. අප පළමුව සිතා සිටියේ අප විසින් සිදුකළ කාර්යය පිළිබඳව ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශයන් ඒ සම්බන්ධයෙන් වන අනවබෝධය නිසා සිදුකරන්නක් බවයි.

නමුත් මේ වන විට පැහැදිලි වන කරුණක් වන්නේ එම ප්‍රකාශ දේශපාලන කුහකත්වය හේතුවෙන් සිදු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතන විට විපක්ෂය වෙතින් ඒ බව මනාව පෙන්නුම් කෙරුණා. එබැවින් දේශපාලනයත්, ආර්ථිකයත් මිශ්‍ර කර ගනිමින් රටේ ඉදිරි ගමනට අකුල් හෙළන ව්‍යාපාරවල තරම ජනතාවට පැහැදිලි විය යුතුයි.

ඔවුන් ඝානාව, ඉක්වදෝරය සහ ආජන්ටිනාව වැනි රටවල තත්ත්වය පිළිබඳ යම් යම් ප්‍රකාශ සිදු කළා. නමුත් අඩු ආදායම් ලබන රටවල් සහ මැදි ආදායම් ලබන රටවල්වල සිදු කරන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තිබෙන වෙනස්කම් අවබෝධ කරගත යුතුයි. අඩු අදායම්ලාභී රටක සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා මැදි ආදායම්ලාභී රටක් වන අප රටට අදාළව සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත සංකීර්ණ වන බව පැවසිය යුතුයි. නමුත් මැදි ආදායම් රටවලට සාපේක්ෂව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැවසිය යුතුයි.

තව ද ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන කරුණු 03ක් අප විසින් ක්‍රියාවෙන් ඔප්පු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව අපගේ ණය හිමියන් විසින් ණය ගෙවීම සඳහා 2024 සිට 2027 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. එම කාලය තුළ අපට ලැබෙන ඩොලර් බිලියන 05ක පමණ ප්‍රතිලාභය රටේ ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් යෙදවීමට අවකාශය ලබාදී තිබෙනවා.

ඒ වගේම 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුව තිබෙනවා. 2027 සහ 2032 කාල රාමුව තුළ දළ මූල්‍යණ අවශ්‍යතාව 13% දක්වා අඩුකරගත යුතුයි. විදේශීය ණය සේවාකරණය 2027 – 2032 කාල පරිච්ඡේදය තුළ 4.5% දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුයි.

මෙම ඉලක්ක 03 සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිශ්චිත වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා අප මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව මෙරටට ණය තිරසරභාවය ලඟා කර ගැනීම වෙනුවෙන් පැවැති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත් වී තිබෙනවා. මේ ආකාරයට සිදුකළ ආර්ථික කළමණාකරණය තුළ අද වන විට ශ්‍රි ලංකාවේ උද්ධමනය 70% සිට 1.7%ක් දක්වා අඩුවී තිබෙනවා. රටේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ වසරක භාණ්ඩාගාර බිලපත්වල පොලී අනුපාතය 10% මට්ටමකට පැමිණ තිබෙනවා”

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan