*
Friday, July 5, 2024
spot_img

Latest Posts

නදීශා සමඟ ඔලිම්පික් යන්නට තරුශිත් යාන්තමට ගොඩ වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 02, (LNW) කොළඹ :

නදීශා ලේකම්ගේ මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් සහභාගි වන 32 අතරෙන් 26 වැනි ස්ථානයේ සිට සුදුසුකම් ලැබුවාය.ඉතිරි දින කිහිපය ඇයට වඩාත් වැදගත් වන අතර මෙම ඉසව්වේ අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා සුදුසුකම් ලැබ සහභාගි වන්නේ 8 දෙනෙක් පමණක් බැවින් නදීශාට නිවැරදි මඟ පෙන්වීමක් ලැබුණොත් එම ඉසව්වේ ද හොඳ තරගයක් දීමට හැකියාව ඇත.


ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභි තරුශි කරුණාරත්න මීටර් 800 ඉසව්වේ දී ප්‍රසාද ලකුණු මත සුදුසුකම් ලබන අවසන් ක්‍රීඩිකාව ලෙස 45 වන තැනට සුදුසුකම් ලැබුවාය.එම ඉසව්වට සහභාගි වන 48 දෙනාගෙන් ඉතිරි තිදෙනා ගැනෙන්නේ “විශ්වීය අවස්ථා සහනය” යටතේය. තරුශි 45 වන ස්ථානයේ සිටින සහ ඉන් පහත තවමත් තේරීම් කර නොමැති බවට පහතින් තොරතුරු දක්වා ඇත.
තරුශීගේ තේරීම් සම්බන්ධයෙන් ඇයගේ හොඳම කාලය වාර්තා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගැටළු පැන නැඟුණේ මේ තත්ත්වයේ තිබෙන අවිනිශ්චිත තත්ත්වය නිසාය.එයට පිළිතුරු ලෙස මලල ක්‍රීඩා සංගමය තාක්ෂණික නිලධාරීන්ගෙන් සිඳු වූ පොඩි වරදක් ලෙස පිළිගැනීමට නිහතමානි වූ සේම දැන් හෝ තත්ත්වය තේරුම් යන්නේ නම් කළ යුතුව ඇත්තේ එම පොඩි වරද කළ තාක්ෂණික නිලධාරීන්ට සහ ඔවුන් භාරව සිටි ක්‍රීඩා උළෙළට අදාළ කළමණාකරුවන්ට එරෙහිව යම් කිසි තරග ප්‍රමාණයක් හෝ තහනම් කිරීමටවත් ක්‍රියා කිරීමය.නැතිනම් මේ වැරදිවලින් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් විඳීමෙන් එහාට දෙයක් සිඳු නොවන බව ඉකුත් ඔලිම්පික් උළෙලට තේරෙන්නට නිලානි රත්නායකට නොහැකි වූ සුළු සෙන්ටි මීටර් ගණනේ වරදම වුව උදාහරණයකට සෑහෙන්නේය.


දෙවන කාරණය අවසාන දිනය වූ ජූනි 30 වන දා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයෙන් ලබා ගත් අවසරය මත පැවත් වූ ඔලිම්පික් තේරීම නම් වූ තරගය ය.එම තරගය දැණුම් දෙද්දී හෙල්ල වීසි කිරීම පිරිමි ඉසව්ව ද ඊට ඇතුළත්ව තිබිණි.නමුත් එදින එම ක්‍රීඩකයින් හෙල්ල වීසි කෙරුවේ ඉන්දියාවේ අන්තර් ප්‍රාන්ත ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ය.පිරිමි හෙල්ල වීසි කිරීමේ තරගය අවලංගු කළ අයුරෙන්ම සෙසු තරග ද අවලංගු කර ඉන්දියාවට යා කළේ නම් තරුශි මීට වඩා හොඳ තැනක රැඳෙන්නට තිබුණා මෙන්ම එල්ල වී තිබූ දැඩි විරෝධයද මැකී යන්නට තිබිණ.එසේම එසේ සහභාගි වී දෙවන තැන ගත්ත ද අවුලක් නොවන්නේ ජාතික සූරතාවලියක් බී කාණ්ඩයේ වන බැවින් එයට ඊ කාන්ඩයේ තරගයකදී නොලැබෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලැබෙන බැවිනි.


ඊ තරගයකදී ලැබෙන්නේ ලකුණු 25 ක් පමණක් වුව බී කාණ්ඩයේ අටවන තැනට ද ලකුණු 40 ක් ලැබෙන බැවින් ප්‍රසාද ලකුණු වැඩිපුර ලැබෙන ඉනන්දියානු ජාතික තරගාවලිය ගැන ශ්‍රී ලංකාවට සිතන්නට තිබුණු බව පැහැදිළිය.
තරුශිගේ ගමණට සිතා හෝ නොසිතා බාධා ඇති විය.අන්තිමට දුවන්නට ආ තේරීම් තරගයටත් දුවන්න අය ආවේ නැත.ලංකාව වෙනුවෙන් හිතන තරම එබඳුය.ඒ නිසා මලල ක්‍රීඩා සංගමයෙන් විතරක් පාඩු වූ බව කියන්නට නොහැකිය.ඉන්දියානු තරගාවලියට මීටර් 400 මිශ්‍ර සහය දිවීමට ක්‍රීඩකයින් දෙදෙනෙක්ම යොමු කර අරුණ දර්ශණට අඩු තරගකාරී තරගයක් ලැබීම ද ප්‍රසාද ලකුණු 25 ක් ලැබෙන මේ තේරීමේ තරගයේ තේරුම ගැන ප්‍රශ්න මතු කරන්නේය.මේ අතර මලල ක්‍රීඩා සංගමයේ නිල වාර්තාකරු වන සමීර පෙරේරා පෙන්වා දෙන්නේ ජූලි 4 වන දා පමණ විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් දැණුම් දෙන වීශ්වීය අවස්ථාවන් අතරේ අරුණ දර්ශණට ද අවස්ථාවක් උදා විය හැකි බවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan