හෘද සැත්කම් සදහා පොරොත්තු ලේඛනය වසරේ සිට මාසය දක්වා අඩු කිරීමට සැලසුම්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රජය, රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ කැත් රසායානාගර ජාලය පුළුල් කිරීමේ අරමුණ හෘද රෝගීන්, කැතීටකරණ ක්‍රියාවලිය සදහා රැදී සිටීමේ කාලය අවුරුද්දක සිට මාසය දක්වා අඩු කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඊයේ (02) දිනයේ දී කොළඹ ජාතික රෝහල ත-ුළ හෘද කැතීටකරණ රසායානාගාර දෙකක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන කැත් රසායනාගාර සංඛ්‍යාව ඉදිරි වසර කිහිපය තුළ දහයේ සිට විසි හය දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

ඊට අමතරව, ජාතික රෝහල තුළ, මහල් දහසයකින් යුතු හෘද රෝග සදහා ප්‍රතිකාර කිරීමේ ඒකකයක් ඉදි කිරීමට නියමිත අතර, එය 2029 වසරේ සැප්තැම්බර් වන විට විවෘත කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

වසරකට හෘදයාබාධ සහ වෙනත් හෘද වාහිනී ආබාධ ප්‍රමාණය 398,027කට වඩා හඳුනාගන්නා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ලේඛනගත හෘද රෝග හේතුවෙන් වාර්ෂික මරණ 16,840 ක් පමණ සිදුවන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...