රඛිත,චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ, සමඟි ජනබලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කාන ලද අතර ඔවුන් එළැඹෙන ජූලි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම සැකකරුවන් ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නදුන් චින්තක හෙවත් හරක් කටා පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා සැකකරුවන් රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබුණි.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර, තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...