ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ රාජ්‍ය නායක කවුන්සිලයට චීන ජනපති එක්වෙයි!

Date:

කොළඹ LNW:ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය ඊයේ (04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23 ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10 ක් දක්වා වැඩි වී ඇති බවයි.

”මෙය මහාද්වීප 3 කට අයත් රටවල් 26 ක් සම්බන්ධ කර ඇත. වර්තමානයේ, විවිධ විපර්යාසයන්ට මුහුණදෙන ගෝලීය මානවයා ඓතිහාසික සංධිස්ථානයකට පැමිණ සිටියි. ඉතිහාසයේ නිරවද්‍යතාව සහ සාධාරණත්වය සහතික කරන මෙම සංවිධානය ලෝකයට සැබැවින් ම වැදගත්” වන බව ද ෂී ජින්පිං මහතා කියා සිටියේය.

”සීතල යුද මානසිකත්වයෙන් එල්ල වන තර්ජන හමුවේ සහයෝගයෙන් යුතුව තිරසර ආරක්ෂාව පිළිබඳ දැක්ම අනුගමනය කළ යුතු ය. සංවාද, සහයෝගිතාව සහ පොදු-ජයග්‍රාහී සංකල්පය තහවුරු කරමින් සංකීර්ණ අභියෝගවලටත්, වෙනස් වන ජාත්‍යන්තර රටාවන්ටත් මුහුණ දිය යුතු ය. විද්‍යා හා තාක්ෂණ අංශවලට ඍජුව බලපාන පරිදි ඇමරිකාව චීනයට එල්ල කරන නිරන්තර බාධා හමුවේ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි” යනුවෙන්ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. ‍

මේ අතර බෙදුම්වාදී බලවේග හමුවේ එක්සත්භාවය සහතික කළ යුතු බවද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

2024-2025 ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනය වෙත පැවරීමට ද එහිදී තීරණය කෙරිණ. චීනය එම වගකීම දරන්නේ වසර 7 කට පසුව වීම විශේෂත්වයකි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...