අත්‍යාවශ්‍ය හේතුවක් මත හැර ලංකාවට යන්න එපා – එක්සත් රාජධානිය

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය හේතුවක් මත හැර එරටට සංචාරය නොකරන ලෙස එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට උපදෙස් නිකුත් කර තිබේ.

අද දින (05) එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) විසින් නිකුත් කළ සංචාරක උපදෙස් යාවත්කාලීනයට අනුව, ඖෂධ, ආහාර පිසින ගෑස්, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බවත්, ප්‍රවාහනය, ව්‍යාපාර සහ හදිසි සේවා සඳහා බලපාන ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු ඉන්ධන වල විශාල හිඟයක් එරට පවතින බවත් සඳහන් කර තිබේ.

එමෙන්ම, දෛනික විදුලි කප්පාදු කිරීම් ශ්‍රී ලංකාවේ සිදුවන බවත්, මෙකී කරුණු මත විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා රටතුළ උද්ගතව ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. ඒ අනුව, අත්‍යාවශ්‍ය කරුණක් මත හැර ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙසයි එක්සත් රාජධානියේ බලධාරීන් එරට පුරවැසියන් ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...