දකුණු ආසියානු වාර්තාලාභී යුපුන්ට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මල්ලක් !

මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10 කට වඩා අඩු කාලයදී නිමකළ දකුණු ආසියාවේ පළමු ක්‍රීඩකයා වෙමින් දකුණු ආසියානු වාර්තාව අලුත් කළ යුපුන් අබේකෝන් වෙත ඇමරිකානු ඩොලර් 50,000 ක වාර්ෂික දීමනාවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී සිටිනවා. මෙම දීමනාව වසර දෙකක කාලයක් සඳහා හිමිවනු ඇත.

ඒ අනුව යුපුන් අබේකෝන්ට හිමිවන මුදල ඩොලර් ලක්ෂයකි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36 කට ආසන්න වේ.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් මිලියන 719 කට ආසන්න මුදලක් ලබාදීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට අද ඇමරිකානු ඩොලර් මිලියනය බැගින් පරිත්‍යාග කළ අතර එම අවස්ථාවේදීම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන කණ්ඩායම වෙනුවෙන් වෙන්කළ මුදල් පරිත්‍යාග කිරීමද සිදු විය.

මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවය මුහුණ දී සිටින ඖෂධ හිගයට පිළියම් ලෙස ඉදිරියේදී ජාතික රෝහලටද මුදල් පරිත්‍යාගයක් සිදු කරන බවයි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මීට අමතරව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුළදී තරග ප්‍රවේශ පත් අලෙවියෙන් ලැබූ රුපියල් මිලියන 120 ක මුදල ක්‍රීඩා අමාත්‍යංශය වෙත පරිත්‍යාග කිරීමටද තීරණය කර ඇති බව සභාපතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...