8 වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ජූලි 23 සිට චීනයේ Kunming හි දී1

Date:

කොළඹ LNW:8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය එළඹෙන 23වැනිදා සිට 28වැනිදා දක්වා චීනයේ Kunming නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(9) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳව සඳහන් කළා.

මෙවර චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය මෙම වසරේ චීනය දකුණු ආසියා රටවල් සමග පවත්වන වැදගත්ම ආර්ථික හා වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් වන බව චීන වාණිජ උප ඇමති Li Fei මහතා එහිදී පැවසුවා.

එම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියා රටවල් අතර ප්‍රතිපත්තිමය හුවමාරු වේදිකාවක් මෙන්ම ‍වෙළඳ භාණ්ඩ ගණුදෙනු වේදිකාවක් ද වනවා.

මේ වන විට එම ප්‍රදර්ශනයට එක් වීම සඳහා ව්‍යවසායන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇති අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සියලුම රටවල් ආවරණය වන විදේශීය සමාගම් වන බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...