*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

” කිසිවෙකු අතපසු නොකර සියල්ලන්ම ගණනය කරන්න” 2024 ලෝක ජනගහන දිනය අදයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

ගෙවීගිය 2023 වසර තුලදී ලෝක ජනගහනය මිලියන 75 කින් වර්ධනය වි තිබෙනවා. 2024 අලුත් අවුරුද්ද උදාවන දිනයේදී සමස්ථ ලෝක ජනගහනය බිලියන 08 ක් ඉක්මවූ අගයක පවතිනු ඇති බවයි අමෙරිකානු සංගණන කාර්යංශය නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ. 

කෙසේවෙතත් පසුගිය වසරේදී ලෝක ජනගහන වර්ධන වේගය සියයට 01 ට වඩා අඩුව ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු සංගණන කාර්යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 වසර ආරම්භයේදී සිට ලොව පුරා සෑම තත්ත්පරයකටම උපත් 4 යි දශම 3 ක් සහ මරණ 02 ක් අපේක්ෂා කෙරෙනවා. 

පසුගිය වසරේදී අමෙරිකාවේ ජනගහන වර්ධන වේගය  සියයට 0 යි දශම 5 යි 3 ක්. එම වසරේදී අමෙරිකාවේ ජනගහනය අළුතින් මිලියන 1 යි දශම 7 ක ජනගහනයක් එක්ව තිබෙනවා. 

2024 ජනවාරි මස පළමු වනදා විට ලෝක ජනගහනය බිලියන 8ක් බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, 2023 වසරේ දී ජනගහනය මිලියන 75කින් වර්ධනය වී ඇති බවයි.

2023 වසරේ ලෝක ජනගහන වර්ධනය වේගයට සියයට එකටත් වඩා අඩු අගයක් ගෙන ඇති බව සඳහන්.

මෙම වසරේ දී සෑම තත්ත්පරයකට ම උපත් 4.3 වාර්තා වනු ඇති බවටයි, අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව අනුමාන කර ඇත්තේ.

එම අනුමානය අනුව සෑම තත්ත්පරයකටම මරණ 02ක් සිදු වනු ඇති.

2023 වසරේ අමෙරිකානු ජනගහන වර්ධන වේගය ප්‍රතිශතයක් ලෙස සියයට 0.5‍3ක් වනවා.එරට ජනගහනය මිලියන 1.7කින් වර්ධන වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය නොවැම්බර් මස ප්‍රකාශ කළේ, ලෝක ජනගහනය බිලියන 08 වීමට වසර 11ක් ගත් වී ඇති බවයි.

20 වන ශතවර්ෂයේ දෙවන භාගය වන විට විශාල ජනගහන වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. එය මේ වනවිට මන්දගාමී වී ඇති බව ද සඳහන්. ලෝක ජනගහනය බිලියන 9 ට ආසන්න වීමට තවත් වසර 15 ක් පමණ ගතවනු ඇති බවටයි එම සංවිධානය පුරෝකථනය කර ඇත්තේ.

ඔවුන්ට අනුව 2080 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවනු ඇති බව විශ්වාස කෙරේ.

2024 ලෝක ජනගහන දිනයේ තේමාව වන්නේ කිසිවෙකු අතපසු නොකර සියල්ලන්ම ගණනය කරන්න යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කරන්නේ ” අපගේ දත්ත පද්ධති මානව විවිධත්වයේ සම්පූර්ණ පරාසය ග්‍රහණය කර ගැනීම සහතික කිරීම සඳහා වැඩි යමක් කිරීමට අප සියලු දෙනාම කැපවිය යුතු අවස්තාවක් වර්ථමානයේ ඇතිව තිබෙන බවයි”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan