ආසියානු 18 න් පහළ හොකී – පිරිමි කණ්ඩායම අට කාන්තා කණ්ඩායම හත

නිශ්මං රණසිංහ ජූලි 13, කොළඹ LNW:

චීනයේ පැවති අවුරුදු 18 න් පහළ ආසියානු කාන්තා සහ පිරිමි හොකී සූරතාවයන් නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක එහි හත්වන සහ අටවන තැන් ලබා ගන්නට සමත් වුණා.
හත්වන තැන දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ එම තරගාවලියට කණ්ඩායම් අටක් නියෝජනය කළා.ඔවුන් වාර්තා කරන ලද එකම ජයග්‍රහණය අටවන සහ හත්වන ස්ථානය තීරණය කරන ලද තරගයේදී චීන හොංකොං කණ්ඩායමට එරෙහිව ගෝල 1 – 0 ක් ලෙස වාර්තා කරන්නට සමත් වුණා.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ද මූලික වටයේදී හොංකොං චීන කණ්ඩායම පරාජයට පත් කිරීම පමණක් තරගාවලියේ ලැබූ එකම ජය වූ අතර ඔවුන් තරගාවලියේ හත්වන සහ අටවන ස්ථානය තීරණය කරන තරගයේදී ඉන්දුනීසියාව වෙතින් ගෝල 3-1 ක් ලෙස පරාජයට වුණා.ඒ අනුව කණ්ඩායම් 11 ක් අතරින් ශ්‍රී ලංකා පිරිමි 18 න පහළ කණ්ඩායම 8 වන තැනට පත් වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නෙ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ජයගත් තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් වාර්තා වූ ගෝලය පමණක් නොව තරගයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම නිසා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ තරුෂිකා සුබසිංහ යි.ඇය වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරන ක්‍රීඩිකාවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...