පොඩ්ඩක් ඉන්න අලියා තාම නැට්ට විතරයි ඉස්සුවේ.හොඩය ඉස්සුවේ නැහැ – පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද

Date:

කොළඹ LNW:”පොඩ්ඩක් ඉන්න අලියා තාම නැට්ට විතරයි ඉස්සුවේ. හොඩය ඉස්සුවේ නැහැ.වෙලාවට දේවල් වෙයි” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

ඒ, ”එක්ව ජයගමු” මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ ආණ්ඩුව පවසන පරිදි සමඟි ජන බලවේගයේ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය වෙත පැමිණෙන බව පැවසුවද තවමත් සමඟිය හෙල්ලීමට හැකියාවක් ලැබුණේ නැහැ නේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හැදෙන පොදු සන්ධානයට විශාල පිරිසකගේ සහය ලැබීමට නියමිත බවයි අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

” රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ වෙලාවේ අපි හඳුනාගත්ත කරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි එතුමාගේ තියෙන පරිණතභාවය. එතුමාට තියෙන ජාත්‍යන්තර අත්දැකීම් ටික. එතුමා ගන්න සෘජු තීරණ. ඒ නිසා මේ වෙලාවේ අපි රට භාර දිය යුත්තේ මේ අභියෝගය භාරගන්න පුළුවන් කෙනෙකුට පමණයි. හෙට අනිද්දා වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රත්පිපත්තිමය තීන්දුවක් ගන්නවා මේ සියල්ලත් එක්ක එළඹෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු හැදෙන නව සන්ධානයත් එක්ක මේ රටේ සියලු දේශපාලන පක්ෂ එක පෙළට හිට ගන්නවා” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වන ලදී.

එමෙන්ම තමන් කිසිලෙසකත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ පුළුල් සන්ධානයක් හරහා ඉදිරිපත්වන පොදු අපේක්ෂකයා ලෙස වික්‍රමසිංහ මහතාට බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය