සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන අය හොයන්න – රනිල්ගෙන් පොලිසියට උපදෙස්

Date:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශනය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ඇතැම් අපේක්ෂකයින්ට “ඡන්දය දී ගමට එන්න එපා” යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරමින් යම් යම් පිරිස් තමන්ට තර්ජනය කරමින් බලපෑම් කරන බවට මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව වැඩබලන ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එසේ පැමිණිලි කළ මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ මීට පෙරත් තමන්ගේ නිවෙස්වලට ගිනිතබා විනාශ කෙරුණු අතර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනයට ද ලක්වූ බවත් මේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ඔස්සේ ද සිදුකෙරෙන්නේ තමන්ට ව්‍යංගයෙන් මරණ තර්ජන එල්ල කිරීමක් බවත් ය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත සහ මෙම සිද්ධියට අදාළ අපරාධ නීති පනත් යටතේ මෙම විමර්ශනය සිදුකරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...