මුල් ස්ථාන තුනම ඇමෙරිකානුවන්ට – නවයෙ ගොඩේ හතරයි

Date:

මේ මොහොතේ ඇමෙරිකාවේ ඔරෙගන් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය සමබන්ධයෙන් වැඩිම අවධානය ශ්‍රී ලංකාවෙන් යොමු වුණේ පිරිමි මීටර් 100 ඉසව්වටයි.ඒ යුපුන් අබේකෝන් නිසයි.යුපුන් අතින් ඒ අවස්ථාව ගිලිහී ගියත් මීටර් 100 ඉසව්ව කෙරෙහි ලාංකික බොහෝ දෙනෙක් ඒ ආකාරයෙන්ම අවධානය රඳවා ගෙන සිටියා.එහි අවසාන ප්‍රතිඵලය ලෙස මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියෙන් ලෝකයේ වේගවත්ම මිනිසා වීමේ භාග්‍ය්‍ය හිමි වුණේ ඇමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි ට. ඔහු තත්පර 9.86 න් ඉසව්ව නිමා කරා.තත්පර 10 ට අඩුවෙන් ඉසව්ව නිමා කර සිව්දෙනෙක් සිටි අතර ඉන් තිදෙනෙක්ම ඇමෙරිකානුවන්.අනෙක් ක්‍රීඩකයා ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිලි යි. (තත්පර 9.97) ඇමෙරිකාව නියෝජනය කළ මර්වින් බ්‍රැකී (තත්පර 9.88) සහ ටයිසන් බ්‍රොමෙල් (තත්පර 9.88) පිළිවෙලින් දෙවන සහ තෙවන තැන් දිනා ගත්තා.

ඔලිම්පික් උළෙලේ දී ලොව දෙවැනියා වූ කර්ලි ජපානයෙන් දිනා ආ රිදී පදක්කමට සිය උපන් රටේ පැවත්වෙන් ලෝක සූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පැහැය මුසු කරද්දී ජපානයේ ටෝකියෝ රන් පදක්කමට හිමිකම් කි ඉතාලියේ මාෂල් ජාකොබ් අවසාන පූර්ව තරග වටයෙන් ඉවත් වී තිබුණා.ඒ ආබාධිත තත්ත්වයක් හේතුවෙන්. ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනූ කැනඩාවේ ඇන්ඩ්‍රෙ ද ග්‍රාසි දෙවන අවසාන පූර්ව තරගයේදි පස්වන තැනට පත් වෙද්දී එහි ජයග්‍රහණය රන් පදක්කම දිනූ කර්ලිට හිමි වුණා.

මීටර් 100 වැනි ඉසව්වක ජයග්‍රහණයේ අවිනිශ්චිත බව එහි වේගයේ අපූර්වත්වය විසින්ම දරා සිටින්නක් වන අතර එයට හොඳම උදාහරණය වසරකට ආසන්න කාලයකට පසුව ටෝකියෝ සිට ඔරෙගන් දක්වා එද්දී ටෝකියෝ අවසාන තරගය නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණක් ඔරෙගන් හි අවසානයට තේරී සිටීමෙන් පැහැදිළි කර ගත හැකියි. ඔරෙගන් හි ජයග්‍රාහක කර්ලි සහ එහිදි පස්වන තැන දිනා ගත් දකුනු අප්‍රිකාවේ අකානි සිම්බනී ටෝකියෝ අවසාන තරගයේද සිටියා.ටෝකියෝ හි සිටි අන ක්‍රීඩකයින් අතරින් ඇමෙරිකාවේ රොනී බෙකර්ට ඇමෙරිකාව නියෝජනයට පවා සුදුසුකම් අහිමිවි සිටි අතර චීනය නියෝජනය කළ බින්ග්ටේන් සූ, බ්‍රිතාන්‍යයේ ෂහාර්නල් හියුග්ස් සහ නයිජීරියාවේ එනොක් ඇඩෙගෝක්අවසාන පූර්ව වටයෙන්ම ඉවතට වීසි වී තිබුණා.
ඒ නිසාම මීටර් 100 වැනි අපූර්වත්වය සහ අවිනිශ්චිත බව සුරැකි ඉසව්වක ජයග්‍රහණය සුරක්ෂිත කර ගැනිම අභියෝගයක් මෙන්ම එ් සඳහා ඉදිරිපත් විමට සුදුසුකම් ලැබීමද ජයග්‍රහණයක්. ඒ අර්ථයෙන් ගත් කළ යුපුන් අබේකෝන් පමණක් නොව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ද යුපුන් ගේ දක්ෂතාවය නිසා යම් විශාල පියවරක් ඉදිරියට තබා ඇති බව මේ තරගාවලියට යුපුන්ගේ තේරිමම ප්‍රකාශයට පත් කරනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...