08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයි

Date:

ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ජන්දයෙන් තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) දින දිවුරුම් දීමට නියමිතයි.

එය පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට සිදුකෙරෙනු ඇති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද (20) පාර්ලිමේන්තුවේ රහස් ජන්දයෙන් සිදු කෙරුණි.

ඒ අනුව වික්‍රමසිංහ මහතා ජන්ද 134ක් ලබා ගත් අතර ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාට සහ අනුර දිසානායක මහතා ලබා ගෙන තිබුණේ පිළිවෙලින් ජන්ද 82සහ ජන්ද 03කි.

අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට නියමිතව සිටි සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් ඉවත් වූයේ ඩලස් අලහප්පෙරුම මහතාට සහය දක්වමිනි.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවෙන් පිටත රනිල් වික්‍රමසිංහ මහතාට ජන විරෝධයක් පැවතියද එය පාර්ලිමේන්තුවේදී පිළිඹිබු නොවුණු අතර ඔහු 08වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව න්යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...