යල කන්නයේ කුඹුරු වගාවට වියළි කාලගුණයෙන් ගැටලු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ,  වියළි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයක යල කන්නයේ කුඹුරු වගාව සඳහා ජලය මුදා හැරීමේ ගැටලු මතුව ඇති බවයි .

ඔහු ප්‍රකාශ කළේ , මෙවර මෝසම් සමයේ අපේක්ෂිත වැස්ස 70% කින් පමණ අඩු වූ  නිසා නාච්චාදූව ව්‍යාපාරයේ හා උඩවලව ව්‍යාපාරයේ කුඹුරු ඉඩම් සඳහා ජලය සැපයීමේදි ගැටලු මතුව ඇති බවත්, මහවැලි පද්ධතියේ ජලාශවල භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය 46% ක් දක්වා අඩු වී ඇති බවත්ය .

වලව කලාපයේ භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය 12% ක් ලෙස දැක්වූ අතර , වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවල ධාරිතාවද 38% ක් දක්වා පහළ ගොස් ඇත.

අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසූවේ ,ලබන ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වැස්සක් දිවයිනට නොලැබෙනු ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...