යල කන්නයේ කුඹුරු වගාවට වියළි කාලගුණයෙන් ගැටලු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ,  වියළි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයක යල කන්නයේ කුඹුරු වගාව සඳහා ජලය මුදා හැරීමේ ගැටලු මතුව ඇති බවයි .

ඔහු ප්‍රකාශ කළේ , මෙවර මෝසම් සමයේ අපේක්ෂිත වැස්ස 70% කින් පමණ අඩු වූ  නිසා නාච්චාදූව ව්‍යාපාරයේ හා උඩවලව ව්‍යාපාරයේ කුඹුරු ඉඩම් සඳහා ජලය සැපයීමේදි ගැටලු මතුව ඇති බවත්, මහවැලි පද්ධතියේ ජලාශවල භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය 46% ක් දක්වා අඩු වී ඇති බවත්ය .

වලව කලාපයේ භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය 12% ක් ලෙස දැක්වූ අතර , වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවල ධාරිතාවද 38% ක් දක්වා පහළ ගොස් ඇත.

අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසූවේ ,ලබන ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වැස්සක් දිවයිනට නොලැබෙනු ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර මානුෂීය සහයෝගීතා වැඩසටහනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : දකුණු කොරියාවේ තේගු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු...

හෙට සිට කාලගුණයේ වෙනසක්. මි.මි.100ඉක්මවූ තද වැසි ගැන අනාවැකි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට ( 13) දිනය වන විට, ගිනිකොණ...