මිලියන 20ක කොල්ලය : හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාව පැය 24ක් රඳවා තබා ගැනීමට නියෝග!

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ LNW :

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව ඔහුට මෙම චෝදනාව එල්ල වී ඇත.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව පැය 24ක් රඳවා තබා ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දී තිබේ.

මෙම පරීක්ෂණ කටයුතු දැනට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මෙහෙයවනු ලබයි.

ප්‍රධාන සැකකරු දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකු වීම හේතුවෙන් මෙම පුවත කෙරෙහි සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...