නීත්‍යානුකූල ලේකම්වරයා මමයි – සිරිපාලලාගේ වැඩේ අවසන් ප්‍රතිඵලයත් දයාසිරි කලින්ම පෙන්වයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් වශයෙන් පෙනී සිටියත් එම තනතුරු සඳහා ඔවුන්ව පිළි ගනිමින් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිදු ලේඛනයක් නිකුත් කර නොමැති බවත් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා තමන් වන අතර තමන්ට එම තනතුර ලැබුණේ අධිකරණ නියෝගයක් හරහා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“මේ පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා මමයි. ඒ තනතුර මට ලැබිලා තියෙන්නේ උසාවි නියෝගයකින්. ඒ උසාවි නියෝගයත් එක්ක අපි ඉදිරියේදී ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තැනකට ගේන්න කටයුතු කරනවා අනිවාර්යයෙන්ම. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ දුමින්ද දිසානායක මහත්මයා, ඔවුන් දෙන්නා කියනවා සභාපති සහ ලේකම් කියලා. මේ දෙන්නාව පිළිඅරගෙන මැතිවරණ කොමිසමෙන් මේ වෙනතුරු කිසිම ලියවිල්ලක් ඉදිරිපත් කරලා නෑ. මේකෙ අවසාන ප්‍රතිඵලය මම කියන්නම්, මේකෙ අවසාන ප්‍රතිඵලය තමයි පැහැදිලිවම මැතිවරණ කොමිසම මේ දෙගොල්ල කැඳවලා සාකච්ඡා කරලා බලනවා, සාකච්ඡා අසාර්ථක වුණොත් පක්ෂය බහා තබන්න කටයුතු කිරීමට තමයි අවසාන වශයෙන් මැතිවරණ කොමිසමට සිද්ධ වෙන්නෙ, නාමයෝජනා දුන්නායින් පස්සෙ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද අත්වෙලා තියෙන ඉරණම තමයි මේ. මේ ඉරණම පක්ෂ සංවිධායකවරුන් හොඳින් තේරුම් ගත යුතුයි”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...