වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම සංශෝධනය වේතනය කිරීම පනත පිණිස 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. 

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...