ජයගමු ශ්‍රී ලංකා’ස්මාට් යූත් ක්ලබ්’අද ගාල්ලේදී!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

අද (25) උදෑසන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවිධානයෙන් පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේ දෙවැනි දින වැඩසටහන් මාලාව ආරම්භවූ අතර, තරුණ ප්‍රජාවගේ රැකියා පිළිබඳ ආකල්ප දියුණු කරන, මෙරට සහ එතෙර රැකියාවලදී වත්මන් තාක්ෂණයේ ඇති වැදගත්කම කියා පාන ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන උදෑසන පැවැත්විණි.

රැකියා පිළිබඳව උනන්දුව ඇති මූලික අධ්‍යාපනය අවසන් කරන ලද තරුණ පිරිස බොහෝ සංඛ්‍යාවක් වැඩසටහනට සහභාගි වූ අතර ඔවුන් සැමගේ සතුටුදායක ප්‍රතිචාර ඒ සඳහා හිමි වූ බව සඳහන් වේ.

ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඊයේ (24) ආරම්භය සනිටුහන් කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාවේ පළමු අදියර හැටියට විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් සහ විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා ප්‍රතිලාභ ලබා දෙන ‘විගමනික ශ්‍රමික හරසර වැඩසටහන’ පැවැත්විණි. එදින ගාල්ල දිස්ත්‍රික් විගමනික සංගම් සාකච්ඡාව, ගරුසරු යන වැඩසටහන් පැවැත්වුණු අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රම වාසනා අරමුදලින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන ශ්‍රම වාසනා වැඩසටහනද අද දින පැවැත්වීමට නියමිතය.

එම අවස්ථාවට අවස්ථාවට, ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ රාජ්‍ය නිලධාරීන්, විගමනික පවුල්වල සාමාජිකයෝ රැසක් සහභාගී වූ බවද වාර්තාඅ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...