රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW :
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු 1996 සිට 1998 දක්වාත්, පසුව 2012 වසරේදීත් මෙරට ක්‍රිකට් පරිපාලනයේ ඉහළම තනතුර හොබවමින් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
ක්‍රිකට් ක්ෂේත්‍රයට අමතරව, ඔහු ප්‍රකට නවලෝක සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් මෙරට ව්‍යාපාරික ලෝකය තුළද ප්‍රබල සලකුණක් තැබූ පුද්ගලයෙකි.
ඔහුගේ නායකත්වය යටතේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සහ නවලෝක සමාගම් ජාලය යන දෙඅංශයම සැලකිය යුතු වර්ධනයක් අත්කර ගත්තේය.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 72 වියේ පසුවිය.


