ඉරානයේ වාණිජ නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට යුක්‍රේනයට චොදනා

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැස්පියන් මුහුදේ ගමන් කරමින් තිබූ ඉරාන රජයට අයත් වාණිජ නෞකාවකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනයට චෝදනා එල්ල කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, එම ප්‍රහාරයෙන් නෞකාවේ සේවය කළ නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් නාවිකයෙකු තුවාල ලබා ඇති බවයි.

සිද්ධියෙන් අනතුරුව ටෙහෙරානයේ සිටින යුක්‍රේන තානාපතිවරයා ඉරාන විදේශ අමාත්‍යාංශයට කැඳවා නිල විරෝධතාවක් භාරදී ඇති අතර ඉරානය මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස මෙය හදුන්වා ඇත.

ඉරාන රජය සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සහ වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර මෙම චෝදනා සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මේ වනතෙක් නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.

මෙම සිද්ධිය හේතුවෙන් දැනටමත් උණුසුම්ව පවතින ඉරාන–යුක්‍රේන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් අර්බුදකාරී විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...