රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :
පුත්තලමේ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අද දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව අනාවරණය වේ.
දීර්ඝ කාලයක සිට තමන්ට එල්ල වන ශාරීරික ප්රහාර හමුවේ බලධාරීන් නිසි පියවරක් නොගැනීම මෙම විරෝධතාවයට ප්රධාන හේතුව වී තිබේ.
මෑතකදී හලාවත සහ මුන්දලම ප්රදේශවලදී සිදු වූ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් සේවකයින් කිහිපදෙනෙකු තවමත් රෝහල්ගතව ප්රතිකාර ලබන බව වාර්තා වේ.
පොලීසිය හෝ ප්රවාහන බලධාරීන් මැදිහත් වී තමන්ට සාධාරණය ඉටු කරන තෙක් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔවුහු අවධාරණය කරති.
මෙම හදිසි වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.


