පදක්කම් පැස බර කිරීම බරෙන් ඇරඹේ

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා දුන් ක්‍රීඩාව වන බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව මෙවරද පදක්කම් සටහනේ ක්‍රියාකාරීත්වය ආරම්භ කළා.අද දිනයේ පැවති කිලෝ ග්‍රෑම් 55 බර පංතියෙන තරග වැදුණු ඩිලංක ඉසුරු කුමාර එහි ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීම ආරම්භ කළා.එහිදී ඩිලංක ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105 ක් සහ ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120 ක බර ඔසවමින් මුළු බර කිලෝ 225 ක් ඔසවන්නට සමත් වුණා.

මොහොමඩ් අනීක් මැලේසියාව වෙනුවෙන් රන් පදක්කම දිනා ගැනීම සඳහා මෙහිදි ඔසවන ලද බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 249 ක්.එහිදි අනීක් විසින් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 107 ක් ද,ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 142 ද ඔසවනු ලැබුවා.රිදි පදක්කම දිනා ගත්තේ ඉන්දියාවේ මහාදේව් සර්ගාර්.ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 113 ක් එසැවූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔසවනු ලැබුවේ තිලෝ ග්‍රෑම් 135 ක් පමණයි.මෙහිදී අනීක් ඔසවන ලද කිලෝ ග්‍රෑම් 249 ක්‍රීඩා උළෙල වාර්තාවක් ලෙස සටහන් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...