දේශීය කුකුළු මස් මිල අඩුවෙයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ප්‍රධාන කුකුළු මස් නිෂ්පාදනකරුවන් අද (01) පැවති සාකච්ඡාවේදී, දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර ඇත.

ව්‍යාපාරිකයන් අමාත්‍යවරයාගෙන්  ඉල්ලීමක් සිදුකර ඇත්තේ , වර්තමානයේ වෙළෙඳපොළේ කුකුළු මස් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද බවත්, එය රුපියල් 25ක් දක්වා අඩු කරදෙන ලෙසත්ය.

එසේ වුවහොත් කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට ඔවුන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බඩඉරිඟු සඳහා වන ආනයනික බද්ද රුපියල් 25ක් දක්වා අඩු කිරීමේ යෝජනාව ද අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පල කල අමාත්‍යවරයා මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව පවසා ඇත.

තවද , රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහත වැටෙන අවස්ථාවල එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීම සදහා පියවර ගැනීමටත් කුකුළු මස් කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...