*
Friday, May 3, 2024
spot_img

Latest Posts

2023 වර්ෂයේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් බව ඩයනා කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ” ස්ථාවර රටකට සැවොම එක මඟකට”  මැයෙන් අද (01) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසූවේ , මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත්ය.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැහැදිලි කළේ, රටේ ආර්ථිකය නංවාලීමේ ප්‍රධාන සාධකයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවයි .

ඒ අනුව  සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද ඇය පැවසීය .

තවද, සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බවද ඇය  කියා සිටි අතර  මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාව පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා  දුනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan